මාතලේ දිස්ත්‍රික්කය කේන්ද්‍ර කර ගනිමින් චාරිකා ධර්ම දේශනා මාලාවක් පැවැත්වීම.

මත්ද්‍රව්‍ය උවදුරෙන් සමාජය ගලවා ගැනීමේ අරමුණු ඇතිව මුල් අදියරේ දී මාත‍ලේ දිස්ත්‍රික්කයට අයත් පහත සඳහන් ධර්මවිජය සමාජ පහ සම්බන්ධ කරගනිමින් චාරිකා ධර්ම දේශනා මාලාවක් පැවැත්වුණු අතර එම ධර්ම දේශනා මාලාව පැවැත්වීම ධර්මවිජය පදනමේ නියෝජ්‍ය භාණ්ඩාගාරික කරු හිනටිගල මහතාගේ ද සහභාගිත්වයෙන් සිදුවුණි. ධර්ම දේශනා පැවති අවස්ථාවේ ලබාගත් ඡායාරූප කීපයක් පහතින් දැක්වේ.
 ශ්‍රී විජයශේඛරාරාම ධර්මවිජය සමාජය, ශ්‍රී විජයශේඛරාමය, කෝන්ගහමුල, පලාපත්වල.
 ශ්‍රී සාසනෝදය ධර්මවිජය සමාජය, බෝවත්ත පුරාණ විහාරය, සාසනෝදය දහම් පාසල, උකුවෙල.
 පාරමිතා ධර්මවිජය සමාජය, ශ්‍රී සුදර්ශනාරාමය, කන්දේවත්ත, මිල්ලවාන.
 දෙතිස්ඵල බෝධිරාජ විහාරස්ථ ධර්මවිජය සමාජය, ඓතිහාසික දෙතිස්ඵල බෝධිරාජ විහාරස්ථනය, ආරියගම, පල්ලෙවෙල.
 ශ්‍රී විජිතාරාම ධර්මවිජය, සමාජය, ශ්‍රී විජිතාරාමය, දික්කුඹුර, මහවෙල.