මාතලේ දිස්ත්‍රික් ධර්මවිජය සමාජ සම්බන්ධීකරණ සම්මන්ත්‍රණය.

මාතලේ දිස්ත්‍රික් ධර්මවිජය සමාජ කේන්ද්‍රීය මධ්‍යස්ථානය වන පලාපත්වල, කොන්ගහමුල, ශ්‍රී විජයශේඛරාම විහාරස්ථානයේදී එම දිස්ත්‍රික්කයට අයත් ධර්මවිජය සමාජ සම්බන්ධීකරණ සම්මන්ත්‍රණය 2024.03.16 වන දින පැවැත්වුණි. එම අවස්ථාවට ධර්මවිජය සමාජ නියෝජනය කරමින් සභාපති ස්වාමීන් වහන්සේලා, එම ධර්මවිජය සමාජ වල නිලධාරීන් සහ ධර්මවිජය පදනමේ භාරකාර මණ්ඩල සාමාජික සාමාජිකාවන් සහභාගී වූහ. එම සම්මන්ත්‍රණය අවස්ථාවේ ඡායාරූප පහත දැක්වේ.