වෛද්‍ය සිසුවෙකුගේ අධ්‍යාපන කටයුතු සඳහා අවශ්‍ය කර තිබූ ටැබ්ලට් පරිගණක යන්ත්‍රයක් පරිත්‍යාග කිරීම.

කරාපිටිය වෛද්‍ය පීඨයේ 4 වන වසර ඉගෙනුම ලබන දිමුතු ඉශාර ශිෂ්‍යයාගේ අධ්‍යාපන කටයුතු සඳහා යොදාගැනීමට, කැනඩාවේ පදිංචි රුවන් ජයසූරිය මහතා විසින් ධර්මවිජය පදනම‍ට පරිත්‍යාග කළ රුපියල් 100,000/= ක මුදල භාවිතා කරමින් මිලදී ගත් Samsung S6 Lite වර්ගයේ ටැබ්ලට් පරිගණක යන්ත්‍රය 2023/12/14 වන දින ධර්මවිජය පදනමේ අනුශාසක ශාස්ත‍්‍රපති පූජ්‍ය සිරි වජිරාරාමයේ ඤාණසීහ ස්වාමීන් වහන්සේගේ, ලේකම්තුමාගේ සහ සභාපතිතුමාගේ සහභාගිත්වයෙන් ගරු අනුශාසක ත‍්‍රිපිටකාචාර්ය ශාස්ත‍්‍රපති රාජකීය පණ්ඩිත පූජ්‍ය හක්මන සුමනසිරි ස්වාමීන් වහන්සේ විසින් පරිත්‍යාග කිරිම සිදු කරන ලදී.