ධර්මවිජය පදනමේ ඔසු මුසු කොළ කැඳ නොමිලේ ලබාදීමේ දන්සල.

පෝෂ්‍යදායී කොල කැඳ නොමිලේ බෙදා හැරීමේ ව්‍යාපෘතිය යටතේ දියත් කරන වැඩපිළිවෙළ අනුව 2024 මාර්තු මස පළමුවන දින නාරාහේන්පිට පරාක්‍රමබාහු විද්‍යාලයේ සහ නාරාහේන්පිට සුජාතා විද්‍යාලයේ සිසු දැරියන්ට පෝෂ්‍යදායක ආහාරයක් ලෙසට කොළකැද ලබාදීමට ධර්මවිජය පදනම විසින් කටයුතු කරන ලදී. එමෙන්ම 2023 වසර ආරම්භයේ සිට මේ දක්වා ධර්මවිජය පදනමේ ගොඩනැගිලි පරිශ්‍රය ඉදිරිපිටින් මහ මඟ ගමන් කරන ජනතාව සඳහා නොමිලේ කොල කැඳ ලබා දීම සෑම අඟහරුවාදා දිනක ම උදෑසන සිට ධර්මවිජය සරණ සේවා වැඩසටහන යටතේ සිදු කරගෙන යනු ලබයි.