ගරු සභාපති ජී. ඩී. සිරිල් ගුණපාල මහතා.

අපවත් වී වදාළ අග්ගමහාපණ්ඩිත අතිපූජ්‍ය මඩිහේ පඤ්ඤසීහ මහානාහිමියන් මිනිහා හදාාගැනීමේ දුරදර්ශී සංකල්පය සාක්ෂාත් කර ගැනීම සදහා පිහිටු වූ ධර්මවිජය පදනමේ සභාපති තනතුර පිරිනැමීමට භාරකාර මණ්ඩලය නැවත තීරණය කිරීම, අනතිමානී සතුටක් වුවත්, භාරදුර වගකීමක් ලෙස සලකමි.

අසරණ දුගී දුප්පත් ගම්බද මිනිසා විඳින අපමණ දුක්කම්කටොඵ හොඳින් අවබෝධ කරගත් අප මහානාහිමියෝ, ඔවුනට සරණවීමට යොමු වූයේ මිනිසා හාත්පසින් වටකරගෙන දුබල කර ඇති. ආර්ථික, අධ්‍යාපන, සෞඛ්‍ය හා සදාචාර වර්ධනය යන අං‍ශ හතර පාදක කරගෙන ය. උන්වහන්සේ කැප වී ක‍්‍රියා කළේ එම අංශ හතර තුළින් විසදුම් දෙමින් අසරණ මිනිසා සිටින තත්වයෙන් ඉහළට එසවීමට ය. ධර්මවිජය පදනමේ වගකීම හා වගවීම ද එම සංකල්පය ඉදිරියට ගෙන යෑම ය. ඒ හා බැඳුණු කාර්යභාරය ඉතාමත් සංකීර්ණය, පුඵල්ය, බැරෑරුම්ය, වගකීම් සහිත ය.

“මිනිහාත් හදා ගනිමින් රටත් හදා ගනිමු” යන සංකල්පය හඳුන්වා දී නොනැවතුන උන්වහන්සේ, ඊට ගැලපෙන නෛතික පදනමක්, සියලු පහසුකම් ඇති ආයතනයක්, දිවයින පුරා විසිරී ඇති විහාරස්ථාන මුල් කරගෙන ධර්මවිජය සමාජ 470ක ආර්ථික ශක්තිය වර්ධනය කර ගැනීමට භාර 79 ක් (වර්තමානයේ) හා සියලු තීරණ ගැනීම සඳහා බුද්ධිමත් පළපුරුදු විවිධ ක්ෂේත‍්‍ර නියෝජනය කරන 30 දෙනෙකුගෙන් යුත් භාරකාර මණ්ඩලයක් පත්කර, යා යුතු මාවත ද පෙන්වා දී ඇත.

පසුගිය වසර 44 ක් තිස්සේ අප එකාවන්ව මෙම වගකීම් දරාගෙන පැමිණියෙමු. 50 වසර සම්පුර්ණ කිරීම අත ළගම පැමිණ ඇත. පෞද්ගලිකත්වය අතහැර අනතිමානි ගුණයෙන් යුතුව “සමවායො එව සාධු – සමගිය ම යහපති” යන උදාර චින්තනයෙන්, භාරකාර මණ්ඩලයේ සියලු දෙනා තමන් වෙත පැවරී ඇති වගකීම හඳුනාගෙන, එය සපුරා ගැනීමේ බර ස්වයංව පවරා ගතහොත්, යා යුතු ගමනේ මල්ඵල නෙලා ගෙන අප කාටත් පොදුවේ සතුටු විය හැකි ය. භාරකාර මණ්ඩලයේ සියලූ දෙනා හා කාර්ය මණ්ඩලය ඊට සූදානම්ව සිටින බව දනිමි. ගමන කම්කටොලු සහිත වුවත්, සියලු දෙනා එක් වූ විට එය සැහැල්ලු වේ. ඊට සුපුරුදු පරිදි අනුශාසනා කිරීමට ගරු අනුශාසක හිමියෝ සූදානම් ය. අවශ්‍ය නායකත්වය දීමට උපරිම ප‍්‍රමාණයෙන් කැප වෙමි.

තෙරුවන් සරණයි.

සිරිල් ගුණපාල
ගරු සභාපති