harmavijaya-foundation-dvf


ධර්මවිජය පදනම ගැන.

අමරපුර නිකායෙහි මහා නායකව වැඩ විසූ අග්ගමහා පණ්ඩිත විද්‍යා විශාරද මහා මහෝපාධ්‍යාය මඩිහේ පඤ්ඤාසීහ මහා නායක ස්ථවිරපාදයාණෝ ධර්මවිජය පදනමේ නිර්මාතෘවරයාණෝ වූහ. කෙටියෙන් කියතොත් ධර්මවිජය පදනම වෙනසක් සහිත සංවිධානයකි. එය හුදෙක් නමට පමණක් සීමා වූ බෞද්ධ සංවිධානයක් නොවන අතර හුදු සමාජ සංවිධානයක් ද නොවේ.

” මිනිහා නොහදා රට හදන්න බැහැ මිනිහාත් හදා ගනිමින් රටත් හදා ගනිමු” යන උදාර සංකල්පයෙන් අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය මඩිහේ පඤ්ඤාසීහ මහා නා හිමියන් 1977 නොවැම්බර් 15 දින ආරම්භ කරන ලද ධර්මවිජය පදනම 1979 අංක 62 දරණ පාර්ලිමේන්තු පනතින් සංස්ථාගත කරන ලදී. ”සමවායො එව සාධු”- සමගිය ම යහපති යන්න අප පදනමේ තේමා පාඨය යි.

පුර්වෝක්ත අරමුණින් ආර්ථික, අධ්‍යාපන, සෞඛ්‍ය, සදාචාර යන සතරාකාර දියුණුව ඇති කර පන්සිල් හා සහජීවනය අගයන පූර්ණ සංවර්ධිත සමාජයක් බිහි කිරීමේ මෙහෙවර ප‍්‍රකාශය ගරු කරමින්, අප පදනම පසුගිය වසර 40 තුළ දීප ව්‍යාප්ත ස්වේච්ජාවෙන්, විශ්වාසනීයත්වය හා විනිවිදභාවය සුරැකෙන පරිදි ශ‍්‍රි ලාංකික සමාජයට සේවය කර ඇත.

දැක්ම
ධර්මවිජය පදනමේ දැක්ම වනුයේ, නිවැරදි ඇගයීම් සහිත පන්සිල් සුරකින දැහැමි ශ‍්‍රී ලංකා සමාජයකි. සදාචාරාත්මක, යුක්තිගරුක, අවංක සමාජයකි. මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා යන සතර බ‍්‍රහ්ම විහරණයෙන් සමන්විත සමාජයකි.

මෙහෙවර
ධර්මවිජය පදනමේ මෙහෙවර වනුයේ, එහි දර්ශනය සාක්ෂාත් කර ගැන්මට ධර්මවිජය සමාජ මගින් ජනතාවට උදව් කිරීම හා ජනතාව දිරි ගැන්වීම ය.

අරමුණ
ධර්මවිජය පදනමේ අරමුණ වනුයේ, යුක්ති ගරුක සමාජයක් ඇති කිරිම යි. අවට ඇති පුදබිම් සමග යළිත් සම්බන්ධ වෙමින්, එම පුදබිම් නව සමාජයක පහන් කණු කර ගැන්ම යි. වඩා පැහැදිලිව කියතොත් අපේ අරමුණ, බෞද්ධ ප‍්‍රජාව බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීම් අනුව තම ජීවිත හැඩ ගස්වා ගන්නා තත්ත්වයකට ගෙනඒම යි.

අප වැඩ කරන අයුරු
සියලු තීරණ ගනු ලබන්නේ 30 දෙනෙකුගෙන් සමන්විත භාරකාර මණ්ඩලය විසිනි. ඒ සියලුදෙනා විවිධ වෘත්තීන් හි හසළ බුද්ධිමතුන් වෙති. පරිපාලන, සැලසුම්, විගණන, ඉංජිනේරු, වෛද්‍ය, අධ්‍යාපන, සමාගම් අධ්‍යක්ෂ, ගණකාධිකාරි, නීති සහ සන්නිවේදන යන ක්ෂේත‍්‍රයන්හි සේවයේ නියුක්තව සිට, භාරකාර මණ්ඩලයට බැදී සේවය කරති. එම සේවය ස්වේච්ඡාවෙනි. භාරකාර මණ්ඩලය සෑම බ‍්‍රහස්පතින්දාවක ම සවස 4.30 ට පදනම් මූලස්ථානයේ දී රැස් වෙයි. සියලු තීරණයනට එළඹෙන්නේ පොදු එකගතාවයෙනි.

dharmavijaya_hirache

Dharmavijaya-Patrons-si

ධර්මවිජය පදනම : භාරකාර මණ්ඩලය - 2567 (2023-2024)
ගරු උත්තර අනුශාසක ස්වාමීන් වහන්සේ
අමරපුර ශ්‍රී ධර්මරක්ෂිත නිකායයේ මහානායක අග්ගමහාපණ්ඩිත අතිපූජ්‍ය තිරිකුණාමලේ ආනන්ද මහානායක ස්වාමීන් වහන්සේ
බම්බලපිටියේ සිරි වජිරාරාමාධිපති, අමරපුර ශ්‍රී ධර්මරක්ෂිත මහානිකායයේ මහානායක, ශ්‍රී ප්‍රඥාසිංහ ධර්ම කීර්ති, රාජකීය පණ්ඩිත, ශාස්ත්‍රපති තිරිකුණාමලේ ආනන්ද මහානායක ස්වාමීන් වහන්සේ ධර්මවිජය පදනමේ උත්තර අනුශාසක ධූරය දරන සේක.
ගරු අනුශාසක ස්වාමීන් වහන්සසේලා
ත‍්‍රිපිටකාචාර්ය ශාස්ත‍්‍රපති රාජකීය පණ්ඩිත පූජ්‍ය හක්මන සුමනසිරි ස්වාමීන් වහන්සේ - මහරගම සිරි වජිරඤාණ ධර්මායතනය
අතිපූජ්‍ය මඩිහේ පඤ්ඤාසීහ මහා නායක ස්වාමීන් වහන්සේගේ සහ අතිපූජ්‍ය අම්පිටියේ ශ‍්‍රී රාහුල නායක ස්වාමීන් වහන්සේගේ ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය රත්නයක් වූ ත‍්‍රිපිටකාචාර්යය ශාස්ත‍්‍රපති රාජකීය පණ්ඩිත සද්ධර්මකීර්ති ශ‍්‍රී විද්‍යා තිලක ත‍්‍රිපිටක ශාස්ත‍්‍ර විශාරද ශ‍්‍රී ධර්මරක්ෂිතවංශාලංකාර පූජ්‍යපාද හක්මන සුමනසිරි ස්වාමීන් වහන්සේ ධර්මවිජය පදනමේ අනුශාසක ධූරය දරන සේක.
ශාස්ත‍්‍රපති පූජ්‍ය සිරි වජිරාරාමයේ ඤාණසීහ ස්වාමීන් වහන්සේ
සිවිල් සේවයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකුව සිටිමින් ධර්මවිජය පදනමේ ආරම්භක සාමාජික මෙන් ම වසර 31 ක් එහි සභාපති ධූරය දැරූ දේශබන්දු ඕල්කට් ගුණසේකර මහත්මා පසුව පැවිදි දිවියට ඇතුළත් වූ සේක. ශාස්ත‍්‍රපති පූජ්‍ය සිරි වජිරාරාමයේ ඤාණසීහ ස්වාමීන් වහන්සේ ධර්මවිජය පදනමේ ප‍්‍රධාන අනුශාසක ධූරය දරන සේක.
ගරු සභාපති
ජී. ඩී. සිරිල් ගුණපාල මහතා.
(ශ‍්‍රී. ලං. ක‍්‍ර. ස. සේ. 1) ධර්මවිජය පදනමේ හිටපු සභාපති, රාජ්‍ය අමාත්‍යංශ ලේකම් (වි), සංස්ථා සභාපති (වි), ජනාධිපති උපදේශක (වි), තානාපති නිලධාරී(වි). ‍
ගරු උප සභාපතිවරු
එම්.ඩී. ඩබ්.ආරියවංශ මහතා
ධර්මවිජය පදනමේ හිටපු සභාපති, බුද්ධශාසන කාර්ය සාධක මණ්ඩලයේ සම්මානිත සාමාජික, ජනාධිපති අතිරේක ලේකම් (වි) ශ්‍රී.ලං.ක්‍ර. සේ 1 රාජ්‍ය සේවා කොමිසමේ හිටපු සාමාජික ශ‍්‍රී. ලං. ක‍්‍ර. ස. සේ. 1
සරත් ධර්මවර්ධන මහතා
සහකාර සාමාන්‍යාධිකාරි (වි) - ලංකා බැංකුව.
ගරු උප සභාපති සහ මාධ්‍ය ලේකම්
සරත් අමරකෝන් මහතා
හිටපු නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි - මානව සම්පත් / හිටපු ප්‍රධාන පරිපාලන නිලධාරි - කතෘ මණ්ඩල - ලංකාවේ සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම, හිටපු ප්‍රධාන පරිපාලන නිලධාරි - කතෘ මණ්ඩල සහ හිටපු සාමාන්‍ය පරිපාලන - ලක්බිම ප්‍රවෘත්ති පත්තර සමාගම, හිටපු සභාපති / හිටපු ප්‍රධාන විධායක නිලධාරි - මිඩියා සේල්ස් දැන්වීම් සමාගම
ගරු ලේකම්
එච්. බි. ප්‍රේ‍මරත්න මහතා
විගණන අධිකාරි - රාජ්‍ය විගණකාධිපති දෙපාර්තමේන්තුව (වි)
ගරු නියෝජ්‍ය ලේකම්
කාන්ති පෙරේරා මහත්මිය
පෙර පාසල් ගුරුතුමිය (වි)
ගරු භාණ්ඩාගාරික
එන්. බී. ජී. නානායක්කාර මහතා
වරලත් ගණකාධිකාරි
ගරු නියෝජ්‍ය භාණ්ඩාගාරික
කරු හීනටිගල මහතා
ධර්මවිජය පදනම හිටපු නියෝජ්‍ය භාණ්ඩාගාරික, විධායක බැංකු නිලධාරි (වි)
ගරු අභ්‍යන්තර විගණක
සුමේධ අමරසිංහ මහතා
පාලක මණ්ඩල සාමාජික සහ හිටපු සභාපති කොළඹ YMBA, හිටපු සභාපති සහ භාණ්ඩාගාරික ධර්මවිජය පදනම, ගරු භාණ්ඩාගාරික බුද්ධ ශාසන කාර්යසාදක මණ්ඩලය, හිටපු සභාපති සහ සාමාජික ICASL Toastmasters Club, හිටපු සභාපති සහ සාමාජික සිංහ සමාජය ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ, ජේෂ්ඨ වෙල්ත් ප්ලෑනර් AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගම.
භාරකාර සභික / සභිකාවන්
දේශාභිමානි කීර්ති ශ‍්‍රී දේශමාන්‍ය ජේ.පී. කන්නන්ගර මහතා
අධිකාරී ඉංජිනේරු (යාන්ත්‍රික), සෞඛ්‍ය සහ වෛද්‍ය සේවා දෙපාර්තමේන්තුව, ඩුබායි (වි), යාන්ත‍්‍රික ඉංජිනේරු - ජාතික කිරි මණ්ඩලය (වි), දේශමාන්‍ය.
වෛද්‍ය නලින් ගුණසිංහ මහතා
විශේෂඥ අක්ෂි වෛද්‍ය. ප්‍රජා අක්ෂි වෛද්‍ය විශේෂඥ.
ජී. එස්. අරුණශාන්ත ද සිල්වා මහතා
ජනාධිපති නීතිඥ, විශ්‍රාමලත් නීති කෙටුම්පත් සම්පාදක.
විශේෂඥ වෛද්‍ය යසා සිරිවර්ධන මහත්මිය
සෞඛ්‍ය අධ්‍යාපන හා ප‍්‍රජා සෞඛ්‍ය විශේෂඥ, වෛද්‍ය අධ්‍යක්ෂිකා - මෙඩි කෝල්ස් පුද්ගලික සමාගම.
බර්නාඞ් කුලතිලක මහතා
සිවිල් ඉංජිනේරු (වි), හිටපු සභාපති - ආලෝකය පදනම
නීඩ‍්‍රා මනෝහාරි අමරසිංහ මහත්මිය
පිහිනුම් උපදේශිකා
ලක්ෂ්මන් මහානාම මහතා
සභාපති - සාමය හා දයාව පදනම.
චම්පක ජයන්ත ලද්දුවහෙට්ටි මහතා
ශ්‍රේෂ්ඨාධිකරණ නීතිඥ ‍- ශ්‍රී ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණය
ජී. ඒ. සි. චිත‍්‍රාංගනි මෙනවිය
යාන්ත‍්‍රික ඉංජිනේරු - කොළඹ මහා නගර සභාව, ජල සම්පාදන හා ජලාප‍වහන අංශය.
ආචාර්ය කේ. ඩබ්ලියු. නුවන් විමලාන මහතා
ව්‍යාපාර උපදේශක, විශ්ව විද්‍යාල බාහිර කථිකාචාර්ය, සමාගම් අධ්‍යක්ෂ.
චන්දිකා විලාසිනි ඇතුගල මහත්මිය
අමාත්‍යාංශ අතිරේක ලේකම් (ශ‍්‍රී ලං. ප. සේ.)
ඉසුරු එස්. තිලකවර්ධන මහතා
ප්‍රධාන මානව සම්පත් නිලධාරි / නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී - කොමර්ෂල් බැංකුව.
ඉසුරු ඉන්දික සිරිවර්ධන මහතා
ධර්මවිජය පදනමේ භාරකාර සභික භාණ්ඩාගාරික, ස්වෛරී ශ්‍රී ලංකා LL.B (Hons), LL.M (UK), Dip. in Forensic Medicine and Science (UOC), නීතීඥ, ප්‍රසිද්ධ නොතාරිස් සහ දිවුරුම් කොමසාරිස්.
නලින් ධර්මප්‍රිය මහතා
උපදේශක කාර්යෝපාය, ව්‍යාපාරික
ආචාර්ය කසුන් අයි. විජේතිලක
අධ්‍යක්ෂ මණ්ඩල පීපල්ස් ඉන්ෂුවරන්ස් පීඑල්සී, බාහිර උපදේශක (සායනික මනෝවිද්‍යාඥ) - ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය - තාක්ෂණ පීඨය, ඉංජිනේරු පීඨය,.....ආදිය, කළමනාකාර අධ්‍යක්ෂ - පුබුදු අධ්‍යාපන ආයතනය, හිටපු අධ්‍යක්ෂ~සේවාදායක නායකත්වය - යුනිලීවර් (ශ්‍රී ලංකා ) & Mindshare (World), හිටපු ප්‍රධාන උපායමාර්ගික නිලධාරි - MAS-Active Trading සමූහය, හිටපු ප්‍රධානි පිරිවැය අඩු කිරීම -ස්ටාර් ගාමන්ට් සමූහය, හිටපු සම්පත් උපදේශක ශ්‍රී ලංකා නාවික හමුදාව සහ කළමනාකරණ උපදේශක ශ්‍රී ලංකා පොලිස් ඇකඩමිය....

යාවජීව සාමාජික:

එස්. ඩි. ලියනගේ මහතා කළමනාකාර අධ්‍යක්ෂක-සීමාසහිත යුනයිටඞ් මෝටර්ස් සමාගම (වි), කළමනාකාර අධ්‍යක්ෂක – ලංකා ට‍්‍රැක්ටර්ස් සමාගම (වි).
කරුණා ද සිල්වා මහත්මිය සමාගම් අධ්‍යක්ෂිකා (වි)
මේජර් ජනරාල් ජාලිය නම්මුනි මහතා මේජර් ජනරාල්, ශ‍්‍රී ලංකා යුද හමුදාව (වි).
රංජිත් සොයිසා මහතා සමාගම් අධ්‍යක්ෂක (වි), සාමාජික – ස්පර් සංවිධානය, ඕස්ට්‍රේරලියාව.
සේනක සමරසිංහ මහතා ක‍්‍රියාකාරි අධ්‍යක්ෂක – ශ‍්‍රී ලංකා පරිසරවේදී වෘත්තිකයන්ගේ සංගමය.
දිනිල් ප්‍රේ‍රමරත්න මහතා ධර්මවිජය පදනමේ හිටපු ලේකම්, සමාගම් අධ්‍යක්ෂක.
ආචාර්ය ප්‍රේමරත්න ඉලංපෙරුම මහතා හිටපු අධ්‍යක්ෂ ජනරාල් – කාර්මික අධ්‍යාපන දෙපාර්තමේන්තුව, උපදේශක ඉංජිනේරු (වි),

කමිටු සාමාජික – ජාතික රෝහල, සාමවිනිසුරු, ශාස්ත‍්‍ර බන්දු.