ධර්මවිජය සමාජ තෝරාගත් දිස්ත්‍රික් කේන්ද්‍රීය මධ්‍යස්ථාන 07ක සභාපති ස්වාමීන් වහන්සේලා සදහා පැවැත්වු සම්මන්ත්‍රණය.

2024 මාර්තු 02 සෙනසුරාදා දින ධර්මවිජය පදනමේ ශ්‍රවණාගාරයේ දී ධර්මවිජය සමාජ 07ක දිස්ත්‍රික් කේන්ද්‍රීය මධ්‍යස්ථාන සභාපති ස්වාමීන් වහන්සේලා සදහා සම්මන්ත්‍රණයක් ධර්මවිජය පදනමේ අනුශාසක ත්‍රිපිටකාචාර්ය ශාස්ත්‍රපති රාජකීයපණ්ඩිත පූජ්‍ය හක්මන සුමනසිරි ස්වාමීන් වහන්සේ සහ ශාස්ත්‍රපති පූජ්‍ය සිරි වජිරාරාමයේ ඤාණසීහ ස්වාමීන් වහන්සේ ගේ සහභාගිත්වයෙන් පැවැත්වුණි. ධර්මවිජය සමාජ මාර්ගයෙන් ඉටුවිය යුතු සමාජ මෙහෙවර ශක්තිමත්ව ඉදිරියට ගෙනයෑම දිවයිනේ පිහිටි ධර්මවිජය සමාජ ශක්තිමත් කර බලගැන්වීම සහ උනන්දු කරවීම මෙම සම්මන්ත්‍රණයේ අරමුණ වුණි. ධර්මවිජය සමාජ සහ දිස්ත්‍රික් කේන්ද්‍රය මධ්‍යස්ථාන 07ක් නියේජනය කරමින් වැඩමකල සභාපති ස්වාමීන් වහන්සේලා ඇතුළු එම ධර්මවිජය සමාජවල ගිහි පින්වතුන් මෙම අවස්ථාවට සහභාගි වුහ. එම අවස්ථාවේ ඡායාරූප කීපයක් පහතින් දැක්වේ.