මන්නාරම සිලාවතුර තම්බපණ්ණි සිංහල මහා විද්යාලයේ යටිතල පහසුකම් සංවර්ධනය සඳහා අනුග්‍රහය දැක්වීම.

මන්නාරම දිස්ත්රික්කයේ, සිලාවතුර ප්‍රදේශයේ පිහිටා ඇති තම්බපණ්ණි සිංහල විද්‍යාලය විදුහල්පති ස්වාමීන් වහන්සේ සහ ස්වේච්ඡා ගුරුවරයකුගේ හා ගුරුවරියන් දෙදෙනෙකුගෙන් යුතු ගුරුමණ්ඩලයකින් පවත්වාගෙන යනු ලබයි.
ධර්මවිජය පදනමේ භාරකාර මණ්ඩල සභිකයින් කිහිපදෙනෙක් 2022 සැප්තැම්බර් 20 වන දින මෙම තම්බපණ්ණි සිංහල විද්‍යාලයේ සිදුකළ සංචාරයේදී පහත සදහන් අවශ්‍යතා හඳුනා ගැනීමට හැකි වූ අතර එම අවශ්‍යතා සපුරාලීම සඳහා මේ වන විට ලබා ගෙන ඇති ක්‍රියාමාර්ග පහත දැක්වේ.

1. පාසැලේ ඉගැන්වීම් කටයුතු කරන ස්වෙච්ඡා ගුරුවරුන් තිදෙනා සඳහා දීමනාවක් ලබාදීම. 2022 අගෝස්තු මස රුපියල් 5,000/= බැගින් 15,000/=ක දීමනාවක් ලබා දීම. සැප්තැම්බර් මස එම දීමනාව වැඩි කර 10,000.00 බැගින් 30,000/=ක දීමනාවක් ලබා දීම. ඔක්තෝම්බර් මස සිට ස්වෙච්ඡා ගුරුවරුන් තිදෙනා සඳහා 20,000/= බැගින් 60,000/=ක දීමනාවක් සහ විදුහල්පති ස්වාමීන් වහන්සේ සඳහා 10,000/= දීමනාවක් එම ස්වෙච්ඡා සේවාව අගය කිරීමක් ලෙස ලබාදීම.

2. වැසිකිලි සඳහා අවශ්‍ය, රුපියල් 34,000.00 වටිනා කොමඩ් උපකරණ කට්ටලයක් සහ වැසිකිලි පෝච්චියක් ලබා දීම.

3. ප්‍රධාන පාසල් ගොඩනැගිල්ලට අමතරව ඉදිකර ඇති අතිරේක පාසල් ගොඩනැගිල්ලේ පොළොවට සිමෙන්ති දැමීමට අවශ්‍ය කරන සිමෙන්ති ලබා ගැනීම සඳහා රුපියල් 20,000.00 ලබාදීම.

4. පාසලේ අධ්‍යාපනය ලබන සිසුන්ගේ පෝෂණ මට්ටම ඉහළ නැංවීම සඳහා සතියකට දින 3 බැගින් මාස 3 සඳහා පෝෂදායී ආහාර වේලක් ලබාදීම සඳහා ධර්මවිජය පදනම ඉල්ලීම අනුව සාමය හා දයාව පදනම මගින් රුපියල් 96,000.00 මුදලක් ලබාදීම.

5. විදුහල්පති ස්වාමීන් වහන්සේ සඳහා ගුරු නිවාස ගොඩනැගිල්ල පාසල් භූමිය තුළ ඉදිකිරීමට මූලික කටයුතු ඇරඹීම.