ධර්මවිජ සමාජය යළි නගාසිටුවීම සහ දිස්ත්‍රික්කේන්ද්‍රීය මධ්‍යස්ථාන හා ධර්මවිජය සමාජ අතර සම්බන්ධීකරණය ශක්තිමත් කිරීමේ වැඩපිළිවෙළ.

ධර්මවිජය සමාජ යළී නගා සිටුවීම සහ දිස්ත්‍රික්කේන්ද්‍රීය මධ්‍යස්ථාන  සහ ධර්මවිජය සමාජ අතර සම්බන්ධීකරණය ශක්තිමත් කරමින් තවත් වසර පහකින් එළඹෙන ධර්මවිජය පදනමේ ස්වර්ණ ජයන්ති වසර වන විට ධර්මවිජය සමාජය තුළින් ගම නඟා සිටුවීමට යෝජිත වැඩසටහන සාකච්ඡාවට භාජනය කිරීම සඳහා දියත් කළ සම්මන්ත්‍රණ මාලාවේ තිරිකුණාමලය දිස්ත්‍රික් සම්මන්ත්‍රණය 2024 අප්‍රේල් 05 සහ 06 දෙදින තුළ තිරිකුණාමලය දිස්ත්‍රික් ධර්මවිජය සමාජ කේන්ද්‍රීය මධ්‍යස්ථානය වන චීන වරාය, ශ්‍රී බෝධිරාජාරාම විහාරස්ථානයේදී සිදුකෙරුණි. එසේම අලුතෙන් පිහිටුවීමට යෝජිත ධර්මවිජය සමාජ දෙකක් වන පදවිය, ශ්‍රී පුර, දිවුලපිටිය ලස්සනගම ධර්මවිජය සමාජය සහ මුතුර්, කොට්ටියාරම රජ මහා විහාරස්ථානයේ ධර්මවිජය සමාජ නිරීක්ෂණය කිරීම ද සිදුකරනු ලැබුණි. එම අවස්ථාවේදී ධර්මවිජය පදනම සහ එහි කාර්යභාරය පිළිබඳව ඉහත සදහන් ධර්මවිජය සමාජ දෙකේ සහ කේන්ද්‍රීය මධ්‍යස්ථාන රැස්වීමට වැඩම කර සිටි ස්වාමීන් වහන්සේලා සහ පැමිණ සිටි පිරිස දැනුවත් කරන ලදී. තවද ධර්මවිජය සමාජ තුළින් ගම්මාන වෙනුවෙන් ඉටු කළ හැකි සේවාව ගැන පැහැදිලි කිරීමක් ද සිදුකරන ලදී. ඊට අදාළ අවස්ථා තුනක තොරතුරු පහත ඡායාරූපවල ඇතුළත්වේ.

  • අලුතෙන් පිහිටවීමට යෝජිත පදවිය ශ්‍රී පුර, දිවුලපිටිය, ලස්සනගම ධර්මවිජය සමාජයේ පැවැත්වූ සම්මන්ත්‍රණය අවස්ථාවේ ඡායාරූප පහත දැක්වේ.
  • අලුතෙන් පිහිටවීමට යෝජිත මුතුර් කොට්ටියාරම රජ මහා විහාරස්ථානයේ ධර්මවිජය සමාජයේ පැවැත්වූ සම්මන්ත්‍රණය අවස්ථාවේ ඡායාරූප පහත දැක්වේ.
  • ත්‍රිකුණාමලය දිස්ත්‍රික් ධර්මවිජය සමාජ කේන්ද්‍රීය මධ්‍යස්ථානය වන චීන වරාය, ශ්‍රී බෝධිරාජාරම විහාරස්ථානයේදී පැවැත්වූ ධර්මවිජය සමාජ සම්බන්ධීකරණ සම්මන්ත්‍රණය අවස්ථාවේ ඡායාරූප පහත දැක්වේ.