අනුරාධපුර මැදවච්චියේ ශ්‍රී පාද පද්ම විහාරයේ සංඝාවාසය හා පිරිවෙන් අධ්‍යයන කාමර ඉදිකිරීම සඳහා අනුග්‍රහය දැක්වීම.

අනුරාධපුර දිස්ත්‍රික්කයේ මැදවච්චිය ශ්‍රී පාද පද්ම විහාරය, ප්‍රදේශයේ ආගමික හා සමාජීය සේවාවන් ඉටුකරන විහාරස්ථානයකි. එම විහාරස්ථානයේ පිරිවෙන යලි ඇරඹීම සඳහා දෙමහල් නේවාසිකාගාරයක් හා දෙමහල් පන්ති කාමර ගොඩනැගිල්ලක් විහාරස්ථ දායක සභාව විසින් ගොඩනගා ගෙන යනු ලබයි.

ධර්මවිජය පදනමේ භාරකාර මණ්ඩල සභිකයින් කිහිපදෙනෙක් 2022 සැප්තැම්බර් 20 වන දින මෙම මැදවච්චිය ශ්‍රී පාද පද්ම විහාරයේ සිදුකළ සංචාරයේදී පිරිවෙනේ පන්ති කාමර සහ නේවාසිකාගාර ගොඩනැගිල්ලේ ඉදිකිරීම් නිරීක්ෂණය කර ලබාදුන් නිර්දේශය අනුව. 2022.09.29 දින භාරකාර මණ්ඩල රැස්වීමේදී එම ඉදිකිරීම් කටයුතු සඳහා යොදා ගැනීමට  රුපියල් 200,000.00 ක මුදලක් පරිත්‍යාග කිරීමට තීරණය විය. එම මුදල 2022-10-05 දින පරිත්‍යාග කරන ලදී.