ධර්මවිජය පදනමේ 2022 වාර්ෂික මහා සභා රැස්වීම.

ධර්මවිජය පදනමේ 43 වාර්ෂික මහා සභා රැස්වීම 2022 වසරේ දෙසැම්බර් මස 09 වන සිකුරාදා දින පස්වරු 3.30 ට ධර්මවිජය පදනමේ ශ්‍රවණාගාරයේ දී පවත්වන ලදි. මෙම රැස්වීමට  විශේෂ ආරාධිත ස්වාමීන් වහන්සේලා වශයෙන් අමරපුර ශ්‍රී ධර්මරක්ෂිත නිකායයේ මහානායක අතිපූජ්‍ය අග්ගමහාපණ්ඩිත තිරිකුණාමලේ ආනන්ද මහානායක ස්වාමීන් වහන්සේ සහ මහරගම සිරි වජිරඤාණ  ධර්මායතනාධිපති සහ ඇමරිකාවේ වොෂින්ටන් බෞද්ධ විහාරාධිපති පූජ්‍ය මහරගම ධම්මසිරි ස්වාමීන් වහන්සේද වැඩම කළහ. ඊට අමතරව ධර්මවිජය පදනමේ අනුශාසක ස්වාමීන් වහන්සේලා වන ත්‍රිපිටකාචාර්ය ශාස්ත්‍රපති රාජකීයපණ්ඩිත පූජ්‍ය හක්මන සුමනසිරි ස්වාමීන් වහන්සේ සහ ශාස්ත්‍රපති පූජ්‍ය සිරි වජිරාරාමයේ ඤාණසීහ ස්වාමීන් වහන්සේ වැඩම කළහ. ධර්මවිජය පදනමේ භාරකාර සභික සභිකාවන් සහ ආශ‍්‍රිත සාමාජිකයින්ගේ ද සහභාගීත්වයෙන් මෙදින වාර්ෂික මහා සභා රැස්වීම සාර්ථකව පැවැත්විණි.