ධර්මවිජය පදනමේ 2023 වාර්ෂික මහා සභා රැස්වීම.

ධර්මවිජය පදනමේ 44 වාර්ෂික මහා සභා රැස්වීම 2023 වසරේ ඔක්තෝම්බර් මස 06 වන සිකුරාදා දින පස්වරු 3.00 ට ධර්මවිජය පදනමේ අග්ගමහාපණ්ඩිත අතිපූජ්‍ය මඩිහේ පඤ්ඤාසීහ මහානායක ස්වාමීන්ද්‍ර ශ්‍රවණාගාරයේ දී පවත්වන ලදි. මෙම රැස්වීමට  විශේෂ ආරාධිත ස්වාමීන් වහන්සේලා වශයෙන් ධර්මවිජය පදනමේ උත්තර අනුශාසක, (අමරපුර ශ්‍රී ධර්මරක්ෂිත නිකායයේ මහානායක, බම්බලපිටිය සිරි වජිරාරාමාධිපති) අතිපූජ්‍ය අග්ගමහාපණ්ඩිත තිරිකුණාමලේ ආනන්ද මහානායක ස්වාමීන් වහන්සේ සහ (කොළඹ 7 නාරද බෞද්ධ ධර්මායතනය සහ අලව්ව පැනසිහ සෙනසුන විහාරාධීෂ්වර) ශාස්ත්‍රපති, රාජකීය පණ්ඩිත තලල්ලේ චන්දකිත්ති ස්වාමීන් වහන්සේද වැඩම කළහ. ඊට අමතරව ධර්මවිජය පදනමේ අනුශාසක ස්වාමීන් වහන්සේලා වන ත්‍රිපිටකාචාර්ය ශාස්ත්‍රපති රාජකීයපණ්ඩිත පූජ්‍ය හක්මන සුමනසිරි ස්වාමීන් වහන්සේ සහ ශාස්ත්‍රපති පූජ්‍ය සිරි වජිරාරාමයේ ඤාණසීහ ස්වාමීන් වහන්සේ වැඩම කළහ. ධර්මවිජය පදනමේ භාරකාර සභික සභිකාවන් සහ ආශ‍්‍රිත සාමාජිකයින්ගේ ද සහභාගීත්වයෙන් මෙදින වාර්ෂික මහා සභා රැස්වීම සාර්ථකව පැවැත්විණි. එහිදී ඉදිරි වර්ෂයට පහත සඳහන් තනතුරු සදහා භාරකාර සභික සභාවක් පත්කර ගැනීමද සිදුවිය.

  • ගරු සභාපති – ජී. ඩී. සිරිල් ගුණපාල මහතා.
  • ගරු ලේකම් – එච්. බි. ප්‍රේ‍මරත්න මහතා
  • ගරු භාණ්ඩාගාරික – එන්. බී. ජී. නානායක්කාර මහතා
  • ගරු උප සභාපති – එම්.ඩී. ඩබ්.ආරියවංශ මහතා
  • ගරු උප සභාපති සහ මාධ්‍ය ලේකම් – සරත් අමරකෝන් මහතා
  • ගරු උප සභාපති – සරත් ධර්මවර්ධන මහතා
  • ගරු නියෝජ්‍ය ලේකම් – කාන්ති පෙරේරා මහත්මිය
  • ගරු නියෝජ්‍ය භාණ්ඩාගාරික – කරු හීනටිගල මහතා
  • ගරු අභ්‍යන්තර විගණක – සුමේධ අමරසිංහ මහතා