ධර්මවිජය පදනමේ වාර්ෂික ලේ දන් දීමේ පිංකම 2023.

ධර්මවිජය පදනමේ නිර්මාතෘ අග්ගමහාපණ්ඩිත අතිපූජ්‍ය මඩිහේ පඤ්ඤාසීහ මහානායක ස්වාමින්ද්‍රයන් වහන්සේගේ ගුණ සැමරුම වෙනුවෙන් පවත්වන වාර්ෂික ලේ දන්දීමේ පිංකම 20 වන වරටත් ධර්මවිජය පදනමේ ගරු අනුශාසක ත‍්‍රිපිටකාචාර්ය ශාස්ත‍්‍රපති පණ්ඩිත හක්මන සුමනසිරි ස්වාමීන්වහන්සේගේ අනුශාසකත්වයෙන්, සීමාසහිත විජය සමූහ ව්‍යාපාරයට අනුබද්ධ CIB ආයතනයේ අනුග‍්‍රහයෙන්, සීමාසහිත සාසන සේවක සමිතියේ සම්බන්ධීකරණය යටතේ සහ ධර්මවිජය පදනමේ සංවිධායකත්වයෙන් පවත්වන්නට යෙදුණි. මෙම ලේ දන්දීමේ පාරමිතා පිංකම ජාතික රුධිර පාරවිලයන සේවයේ උපදෙස් අනුව ක‍්‍රියා කරමින් 2023 අගෝස්තු 30 නිකිණි පුන් පොහෝ දින මහරගම සිරි වජිරඤාණ ධර්මායතනයේදී අති සාර්ථකව සිදු කරන ලදී. ලේ පරිත්‍යාග සඳහා ලියාපදිංචි වූ 211 දෙනෙකුගෙන් පමන, ලේ දන් දීම සඳහා සුදුසුකම් සපුරාලූ 165 දෙනෙකුගේ ලේ පයින්ට් 165ක රුධිරය තවත් ජීවිතයකට පණක් ලබා දීම සඳහා ජාතික ලේ බැංකුව වෙත ලබා දීමට හැකි වීම සම්බන්ධව ධර්මවිජය පදනම ඉමහත් සතුටට පත්වන බව සඳහන් කරමු.

ලේකම් ධර්මවිජය පදනම.