ගංවතුරෙන් විපතට පත්වූවන් සඳහා ආධාර ලබාදීම.

ගාල්ල දිස්ත්‍රික්කයේ නාකියාදෙණිය ප්‍රදේශයේ, ශ්‍රී ඛෙත්තාරාම විහාරයේ තෙල්ලඹුර සදහම් ධර්මවිජය සමාජය මගින් 2023-10-16 දින තෙල්ලඹුර විහාරස්ථානයේදී ගංවතුරෙන් විපතට පත්වූවන් සඳහා වියලි ආහාර පාර්සල් බෙදා දීම සදහා වැඩසටහනක් පැවැත්වුනු අතර එම වැඩසටහන සඳහා ධර්මවිජය පදනම විශේෂ පරිත්‍යාගයක් ලෙස රුපියල් 110,000.00 මුදලක් වැයකර පවුල් 22ක් සඳහා වියලි ආහාර පාර්සල් පරිත්‍යාග කරනු ලැබුණි. එම අවස්ථාව සඳහා ගිහි පැවිදි පින්වතුන් බොහෝ දෙනෙකුගේ සහභාගිත්වය ලැබුණු අතර තෙල්ලඹුර සදහම් ධර්මවිජයේ සභාපති ස්වාමීන් වහන්සේ වන ශාස්ත්‍රපති කීර්ති ශ්‍රී පලල්ලේ සරණජෝති ස්වාමීන් වහන්සේ ගේ මූලිකත්වයෙන් වියලි ආහාර පාර්සල් පරිත්‍යාග කිරීම සාර්ථකව සිදු කෙරුණි. එම අවස්ථාව පහත දැක්වේ.