පෙර පාසල් දරුවන් සඳහා දිවා ආහාර වේලක් පරිත්‍යාග කිරීම.

අනුරාධපුරය, තන්තිරිමලේ, යශෝධරා පෙරපාසල මගින් 2023-08-25 වන දින සංවිධානය කළ අධ්‍යාපන චාරිකාවක් සඳහා සහභාගීවූ පෙරපාසල් දරු දැරියන් සහ එම දරු දැරියන්ගේ දෙමව්පියන් ඇතුළු 75 දෙනකුගේ පමණ පිරිසක් සඳහා එදින දිවා ආහාර වේල අතුරුපස සහිතව නොමිලේ සපයාදීමට ධර්මවිජය පදනමේ භාරකාර මණ්ඩලය කටයුතු කළ අතර දරුවන් සදහා “බෞද්ධ ළමයා” පොත බැගින් පරිත්‍යාග කිරීමට කටයුතු කරනු ලැබුණි. එම අවස්ථාවට භාරකාර මණ්ඩල සාමාජිකයන් කීප දෙනෙක් ද සම්බන්ධ වුහ.