තබ්බෝව සංවර්ධන ව්‍යාපෘතිය දෙවන අදියර.

මහරගම සිරි වජිරඤාණ ධර්මායතයේ දහමි පාසලට පනස් වසර සපිරීමෙි ස්වර්ණ ජයන්තිය නිමිත්තෙන් සිදු කෙරෙන දසවිධ වැඩසටහනේ එක් ව්‍යාපෘතියක් වශයෙන් තොරාගනු ලැබුවෙ නිවසක් නැති පවුලකට අංග සමිපූර්ණ නිවසක් තනාදීමයි. දිළිදු ගම්මානයක් වූ පුත්තලම තබ්බෝව රණවිරු චතුරංග මාවතේ “පැනසිහගම” අසරණ පවුලක් මෙසදහා තෝරාගනු ලැබුනි. තබ්බෝව පැනසිහගම ග‍්‍රාමය සංවර්ධන වැඩසටහන යටතේ රුපියල් ලක්ෂ 70 ක් පමණ වියදම් කර ධර්මවිජය පදනම පළමු සංවර්ධන පියවර දැනට වසර හතරකට පෙර අවසන් කරන ලදී ඊට පවුල් 68 සදහා නිවාස සංවර්ධනය. වැසිකිලි ලබාදීම, මහන මැෂින් ලබාදීම. ගෙවතු ආර්ථික බොග බෙදාදීම, ප‍්‍රජාශාලාව ගොඩනැගීම, දහම් පාසල් ගොනැගිල්ල සංවර්දනය , දහම් පාසලට වැටුප් ගෙවන ගුරුවරයෙකු පත්කිරීම, නොමිලේ ඉංග‍්‍රිසි පන්තියක් ආරම්භ කිරීම, ඇස් කන්නාඩි ලබාදීම, රෝගි පුත්ගලයන්ට ප‍්‍රතිකාර ලබා දීම, ශීල ව්‍යාපාර, පොහොදා වැඩසටහන්, සිල්රෙදි දීම, සලාක දානය සංවිධානය කිරීම ආදී කටයුතු රාශියක් ඇතුළත් විය. එහි දෙවන පියවර ලෙස උපකරණ සහිතව අංග සම්පූර්ණ නව නිවසක්, අසරණ පවුලකට නිවසක් ලබා දීමේ තේමාව යටතේ ඉදිකර 2021 අගොස්තු 08 වන දින සාංඝික දානයක් පිරි නැමීමෙන් පසුව සුභනැකතින් පවරා දෙන ලදී.