කොවිඩි වසංගතයෙන් පීඩාවට පත් ධර්මවිජය සමාජ වල අඩු ආදායම්ලාභී සාමාජිකයන්ට වියළි ආහාර බෙදා දීම.

  1. ජර්මානු සමාජසේවා සංවිධානයක් වන Universal Association for Peace and Love සංවිධානයේ ලංකා ශාඛාව වන සාමය හා දයාව පදනම විසින් ^Foundation for Peace and Love& රුපියල් 87000.00 මුදලක් ඉහත කාර්යය සඳහා ධර්මවිජය පදනමට ප‍්‍රදානය කරන ලදී එම මුදල කළුතර දිස්ත‍්‍රික්කයේ අලූත්ගම කළුවාමෝදර ශ‍්‍රී කල්‍යාරාම පුරාණ මහා විහාරයේ පිහිටුවා තිබෙන සිරි සීලානන්ද ධර්මවිජය සමාජය විසින් පවුල් 55 කට එක් අයෙකුට රුපියල් 1580.00 ක් වටිනා වියළි ආහාර බෙදා දීමට කටයුතු කරන ලදී. එම අවස්ථාවට එම ධර්මවිජය සමාජය නියෝජනය කරමින් එහි සභාපති පුජ්‍ය අහංගම මෛත‍්‍රී මූර්ති ස්වාමීන් වහන්සේ හා සාමය හා දයාව පදනමෙි සභාපති ලක්ෂ්මන් මහානාම මහතා ඇතුළු ධර්මවිජය පදනමෙි භාරකාර මණ්ඩල සාමාජිකයින් කිහිප දෙනකු සහභාගී වූහ.
  1. ඕස්ට්‍රේරලියාවේ ශ‍්‍රී ලාංකිකයන්ගේ සංවිධානයක් වන Gold coast Sri Lanka සමාජය විසින් සෑම වසරකම පවත්වනු ලබන වර්ෂ අවසාන සුහද හමුව පැවැත්වීම සඳහා වෙන් කළ මුදලින් ඕස්ට්‍රේරලියානු ඩොලර් 1000ක් ඉහත කාර්යය සඳහා ධර්මවිජය පදනමට ප‍්‍රදානය කරන ලදී එම මුදල කොවිඩි වසංගතයෙන් දැඩි ලෙස පීඩාවට පත් ප‍්‍රදේශ  දෙකකට ලබාදීමට ධර්මවිජය පදනම භාරකාර මණ්ඩලය විසින් තීරණය කරන ලදී.

ඒ අනුව කැළණිය විද්‍යාලංකාර පිරිවෙනෙහි පිහිටුවා ඇති  විද්‍යාලංකාර ධර්මවිජය සමාජය තෝරා ගන්නා ලදී. එම ධර්මවිජය සමාජය මගින් රුපියල් 1400.00 ක් වටිනා වියලි ආහාර මළු පවුල් 61 ක් සඳහා බෙදා දෙන ලදී. එම අවස්ථාවට එම ධර්මවිජය සමාජය නියෝජනය කරමින් එහි සභාපති රජරට විශ්ව විද්‍යාලයේ හිටපු කුලපති අතිපූජ්‍ය කුඹුරුගමුවේ වජිර ස්වාමීන් වහන්සේ ඇතුළු ස්වාමීන් වහන්සේලා සාමාජිකයින් හා ධර්ම විජය පදනම භාරකාර මණ්ඩල සාමාජිකයන් කිහිදෙනෙකු සහභාගි වූහ. මිනුවන්ගොඩ පත්තඩුව විහාරස්ථානයේ අවට පිහිටි පත්තඩුව ග‍්‍රාමයේ පවුල් 50 ක් සඳහා එම විහාරස්ථානයේ දායක සභාව විසින් තෝරා ගත් එක් පවුලකට රුපියල් 1500.00 ක් වටිනා වියලි ආහාර මළු බෙදා දෙන ලදී.එම අවස්ථාවට එම විහාරස්ථානයේ විහාරාධිපති අතිපූජ්‍ය නැදගමුවේ විජය මෛත‍්‍රී ස්වාමීන් වහන්සේ, ධර්මවිජය පදනම ලේකමි ඒචි. බී. පේ‍්‍රමරත්න මහතා, භාරකාර මණ්ඩල සාමාජිකයින් වන ඒමි. ඞී. ඩබි. ආරියවංශ මහතා සහා සිරිල් ගුණපාල මහතා සහභාගි වුහ.