ධර්මවිජය පදනමේ වාර්ෂික ලේ දන් දීමේ පිංකම 2021.

අග්ග මහා පණ්ඩිත අතිපූජ්‍ය මඩිහේ පඤඤාසීහ මහා නායක ස්වාමින්ද්‍රයන් වහන්සේගේ 18 වන ගුණ සැමරුම වෙනුවෙන් පවත්වන වාර්ෂික ලේ දන් දීමේ පිංකම ධර්මවිජය පදනමේ ගරු අනුශාසක ත‍්‍රිපිටක ආචාර්ය ශාස්ත‍්‍රපති පණ්ඩිත හක්මන සුමනසිරි ස්වාමීන්වහන්සේගේ අනුශාසකත්වයෙන්, සීමාසහිත විජය සමූහ ව්‍යාපාරයට අනුබද්ධ CIB ආයතනයේ සහා ධර්මවිජය පදනමෙි අනුග‍්‍රහයේන් පවත්වන ලදී. ලේ දන්දීමේ පාරමිතා පිංකම ජාතික රුධිර පාරවිලයන සේවයේ උපදෙස් අනුව ක‍්‍රියා කරමින්, ක්‍දඩසා වසංගත ඇඳිරි නීති කාලය තුලදී සෞඛ්‍ය නීති රීති පිළිපදිමින් 2021 අගොස්තු 22 නිකිණි පුන් පොහෝ දින මහරගම සිරි වජිරඤාන ධර්මායතනයේදී පවත්වන ලදී. ලේ පරිත්‍යාග සඳහා සහභාගී වුන 108 දෙනෙකුගෙන්, ලේ දන් දීම සඳහා සුදුසුකම් සපුරාලූ 85 දෙනෙකුගේ ලේ පයින්ට් 85ක රුධිරය ජාතික ලේ බැංකුව විසින් ලබා ගන්නා ලදී.