සේරුනුවර – මහින්ද පුර ග්‍රාම සංවර්ධන ව්‍යාපෘතිය.

සේරුනුවර, මහින්දාරාමයේදී 2022 පෙබරවාරී 1 සහ 2 දිනවල දී ධර්මවිජය සමාජයේ සභාපති පූජ්‍ය ධම්මසේන විහාරාධිපති ස්වාමීන් වහන්සේගේ අනුශාසකත්වයෙන් සාමාජික/සාමාජිකාවන්ගේ රැස්වීම පස්වරු 2.00 ට පැවැත්විණි. ඊට ධර්මවිජය පදනමෙන් පහත සදහන් සභික මහත්ම මහත්මීන් සහභාගි වූහ.
* සිරිල් ගුණපාල මහතා (භාරකාර සභික)
* ජේ.පී.කන්නන්ගර මහතා (උප සභාපති)
* වෛද්‍ය යසා සිරිවර්ධන මහත්මිය (භාරකාර සභිකා)
* ප‍්‍රබෝද් චතුරංග මහතා (කළමනාකරණ සහායක)
සාමාජිකයන් සියලූ දෙනාගේ එකග තාවය මත, දැනට ඉදිරිපත් වී ඇති යෝජනා ප‍්‍රමුඛත්වය අනුව පෙළගැස්වීම ඉන් අනතුරුව සිදුවිය. ඒ මෙසේය.

1. විහාරස්ථානයේ දහම් පාසල් ගොඩනැගිල්ලට ශිෂ්‍යයින් 60 ක් සදහා ඉඩකඩ ලබාගත හැකිවන පරිදි, තවත් අඩි 30ක ප‍්‍රමාණයකින් දීර්ඝ කර ඉදිකිරීම.
2. විහාරස්ථානයේ ස්වාමීන් වහන්සේලා සදහා වූ වැසිකිළිය දැනට අඩක් නිමවා ඇති හෙයින්, එය සම්පූර්ණ කිරීම.
3. විහාරස්ථානයේ ශිෂ්‍යයන්ගේ ඉංග‍්‍රීසි අධ්‍යාපනය සදහා ඉංග‍්‍රීසි ඉගැන්වීමේ පන්තියක් ආරම්භ කිරීම.
4. ක්ෂේත‍්‍ර සමීක්ෂණයෙන් අනාවරණය වී ඇති, දැනට වැසිකිළියක් නොමැති පවුල් සදහා වැසිකිළියක් ඉදිකර ගැනීමට ද්‍රව්‍ය ආධාර ලබාදීම.
5. ආර්ථික වශයෙන් බලගැන්වීම සදහා ස්වයං රැකියා සදහා ආධාර කිරීමල වගා ළිං ඉදි කිරීම හා නිවාස සංවර්ධනය.
6. පාසල් සිසුන් සඳහා අධ්‍යාපන ආධාර වශයෙන් මාසික ශිෂ්‍යත්ව පිරිනැමීම.

ඇස්තමේන්තුව මුදල (රුපියල්)
ලංකාරාමය දහම් පාසල් ගොඩනැගිල්ල 366,000.00
ලංකාරාමය භික්ෂූන් සඳහා වැසිකිලිය 108,000.00
ලංකාරාමය ඉංග්‍රීසි පන්ති ගුරුවරිය 60,000.00
වැසිකිලි 29  ඉදිකිරීම 948,500.00
වැසිකිලි 29  ඉදිකිරීම 948,500.00
ස්වයං රැකියා, නිවාස සංවර්ධනය හා වගා ළිං ඉදිකිරීම 602,975.00
එකතුව 2,085,475.00

* මෙම රුපියල් 2,085,457/-ක මුදලින් රුපියල් ලක්ෂ 5ක් ආචාර්ය පී. එන්. ප්‍රනාන්දු මහතාගෙන් ලැබී ඇත. ඇස්තමේන්තුගත මුදලේ ඉතිරිය සොයා ගත යුතුව ඇත.