ලක්ලුම්ස් භාරකාර අරමුදලින් ධර්මදුත පෙර පාසල්ට ආධාර මුදලක්.

ඇම්.ඇස්.ද සිල්වා මහතා සහ කරුණා ද සිල්වා මහත්මිය ඇතුඵ දරුවන් එකතුව ධර්මවිජය පදනමේ පිහිටුවා ඇති ලක්ලුම්ස් භාරකාර අරමුදලින් නාරාහේන්පිට ශ්‍රි ධර්මදුත පෙර පාසලේ මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථානයේ සුභ සිද්ධිය සදහා ආධාර වශයෙන් රු. 48,000/= ක මුදලක් 2023-11-28 දින ධර්මවිජය පදනමේ දී ගරු ලේකම් එච්.බි. ප්‍රේමරත්න මහතා විසින් පුජ්‍ය අලුත්ගම ඉන්දරතන හිමියන් වෙත පරිත්‍යාග කිරීම සිදු විය. මෙම භාරකාර අරමුදල නිර්මාණය කළ ඇම්.ඇස් ද සිල්වා මහතා පරලවසැපත් වි 2023.10.29 වන දිනට වසර 22 ක් සම්පුර්ණ වි ඇති අතර, එතුමාට පිං අනුමෝදන් කර මෙම මුදල ලබාදීම සහ කරුණ ද සිල්වා මහත්මිය ඇතුඵ දරුවන් ට නිරෝගි සුවය හා දිර්ඝායුෂ ප්‍රාර්ථනා කිරිමද සිදු කළහ.