යාපනය පුත්තූර් නැගෙනහිර ග‍්‍රාමයේ මඩිහේ පඤ්ඤාසීහ විද්‍යාලයේ වාර්ෂික ත්‍යාග ප්‍රදාන උත්සවය සඳහා ත්‍යාග ලබාදීම.

අපවත් වී වදාළ අග්ගමහාපණ්ඩිත අතිපූජ්‍ය මඩිහේ පඤ්ඤාසීහ මහනායක ස්වාමීන් වහන්සේ විසින් උතුරු පළාතේ අරඹන ලද පාසල් අතර යාපනය / පුත්තූර් හි මඩිහේ පඤ්ඤාසීහ විද්‍යාලයද එකකි. එම පාසලේ 2024.02.16 දින පවත්වන්නට යෙදුණු වාර්ෂික ත්‍යාග ප්‍රදාන උත්සවය සඳහා ධර්මවිජය පදනමේ මූල්‍ය පරිත්‍යාගය යොදා ගනිමින් ත්‍යාග ලබාදීම සිදු කෙරුණී. එහිදී පහ වසර ශිෂ්‍යත්ව විභාගය සමත් දැරියකට පාපැදියක් ලබාදීම සහ සියලු දරු දැරියන් සඳහා පාසල් උපකරණ ප්‍රදානය කරන ලදී. යාපනය ශ්‍රී නාග විහාර ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ විහාරාධිපති ශාස්ත්‍රවේදී පුජ්‍ය මීගහජදුරේ සිරිවීමල ස්වාමින් වහන්සේ, ගුරුභවතුන්, දෙමව්පියන් ඇතුළු හමුදා නිලධාරින්ගේ සහභාගිත්වයෙන් මෙම කටයුත්ත සාර්ථකව සිදුකරන්නට යෙදුණි.