“මානව සංවර්ධනයට ධර්මවිජය පදනමේ දිශානතිය” මාතලේ දිස්ත්‍රික් ධර්මවිජය සමාජ එක්දින සම්මන්ත්‍රණය.

මාතලේ දිස්ත්‍රික්කයට අයත් ධර්මවිජය සමාජ සම්බන්ධීකරණ සම්මන්ත්‍රණය 2023.07.15 වන දින මාතලේ ධර්මවිජය සමාජ කේන්ද්‍රීය මධ්‍යස්ථානය වන පලාපත්වල, කොන්ගහමුල, ශ්‍රී විජයශේඛරාමයේ දී පැවැත්වුණි. එම අවස්ථාවට ආරාධිත අමුත්තන්, ධර්මවිජය පදනමේ භාරකාර මණ්ඩල සාමාජික සාමාජිකාවන්, ධර්මවිජය සමාජ නියෝජනය කරමින් සභාපති ස්වාමීන් වහන්සේලා සහ එඒ ධර්මවිජය සමාජ වල නිලධාරීන් ඇතුළු නියෝජිතයින් සහභාගී වූහ. මෙහි සම්බන්ධීකරණ කටයුතු භාරව ක්‍රියා කරන ලද්දේ ගරු නියෝජ්‍ය භාණ්ඩාගාරික කරු හීනැටිගල මහතා විසිනි. එම උත්සවයේ අවස්ථා කිහිපයක් සහ ධර්මවිජය සමාජ සඳහා ප්‍රථමාධාර කට්ටල පරිත්‍යාග කරන අවස්ථාවේ ඡායාරූප පහත දැක්වේ.