ධර්මවිජය පදනමේ අධ්‍යාපන ශිෂ්‍යාධාර ප්‍රදාන උත්සවය – 2023.

2023 ජුනි 29 බ්‍රහස්පතින්දා දවස පුරා ධර්මවිජය පදනමේ ශ්‍රවණාගාරයේ දී ධර්මවිජය පදනම විසින් පිරිනමන නව අධ්‍යාපන ශිෂ්‍යාධාර ලැබීමට සුදුසුකම් ලැබූ දරුදැරියන් 48 ක් සඳහා හමුවක් පැවැත්වුණි. මෙම උත්සවයට විශේෂ ආරාධිත ස්වාමීන් වහන්සේ වශයෙන් ධර්මවිජය පදනම උත්තර අනුශාසක අමරපුර ශ්‍රී ධර්මරක්ෂිත නිකායයේ මහානායක අග්ගමහාපණ්ඩිත අතිපූජ්‍ය තිරිකුණාමලේ ආනන්ද මහානායක ස්වාමීන් වහන්සේ වැඩම කළහ. එදින විශේෂිත ආරාධිත දේශනය ‍ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ කථිකාචාර්ය ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර  මහතා විසින් සිදු කරන ලදී. ධර්මවිජය පදනමේ අනුශාසක ත්‍රිපිටකාචාර්ය ශාස්ත්‍රපති රාජකීයපණ්ඩිත පූජ්‍ය හක්මන සුමනසිරි ස්වාමීන් වහන්සේද වැඩම කළහ. දානපති ආචාර්ය ඩිලන්ජන් සොයිසා මහතා විශේෂ ආරාධිතයකු ලෙස සහභාගි වූ අතර, ධර්මවිජය පදනමේ භාරකාර මණ්ඩල සභික සභිකාවන්, ශිෂ්‍යාධාරලාභී දරුදැරියන් සහ එම දරු දැරියන්ගේ දෙමාපියන්ද ඇතුළු පිරිසගේ සහභාගීත්වයෙන් අධ්‍යාපන ශිෂ්‍යාධාර ප්‍රධාන උත්සවය සාර්ථකව පැවැත්විණි. එම උත්සවයේ සහ ශිෂ්‍යාධාර ප්‍රධානයේ අවස්ථා කිහිපයක් පහත දැක්වේ.