ධර්මවිජය සමාජ දිස්ත්‍රික් කේන්ද්‍රීය මධ්‍යස්ථාන සභාපති ස්වාමීන් වහන්සේලා සදහා පැවැත්වු සම්මන්ත්‍රණය.

2023 ජනවාරි 27 සිකුරාදා දින ධර්මවිජය පදනමේ ශ්‍රවණාගාරයේ දී ධර්මවිජය සමාජ දිස්ත්‍රික් කේන්ද්‍රීය මධ්‍යස්ථාන සභාපති ස්වාමීන් වහන්සේලා සදහා පැවැත්වු මෙම සම්මන්ත්‍රණයට විශේෂ ආරාධිත ස්වාමීන් වහන්සේ වශයෙන් අමරපුර ශ්‍රී ධර්මරක්ෂිත නිකායයේ මහානායක අතිපූජ්‍ය අග්ගමහාපණ්ඩිත තිරිකුණාමලේ ආනන්ද මහානායක ස්වාමීන් වහන්සේ වැඩම කළහ. ඊට අමතරව ධර්මවිජය පදනමේ අනුශාසක ස්වාමීන් වහන්සේලා වන ත්‍රිපිටකාචාර්ය ශාස්ත්‍රපති රාජකීයපණ්ඩිත පූජ්‍ය හක්මන සුමනසිරි ස්වාමීන් වහන්සේ සහ ශාස්ත්‍රපති පූජ්‍ය සිරි වජිරාරාමයේ ඤාණසීහ ස්වාමීන් වහන්සේ වැඩම කළහ. ධර්මවිජය සමාජ මාර්ගයෙන් ඉටුවිය යුතු සමාජ මෙහෙවර ශක්තිමත්ව ඉදිරියට ගෙනයෑමට දිවයිනේ පිහිටි ධර්මවිජය සමාජ 470 ශක්තිමත් කර බලගැන්වීම සහ උනන්දු කරවීම සදහා පැවති මෙම සම්මන්ත්‍රණය සදහා ධර්මවිජය සමාජ දිස්ත්‍රික් කේන්ද්‍රීය මධ්‍යස්ථාන නියොජනය කරමින් සභාපති ස්වාමීන් වහන්සේලා 15 නමක් වැඩම කළ අතර ධර්මවිජය පදනමේ භාරකාර සභික සභිකාවන් ගේ ද සහභාගීත්වයෙන් මෙදින සම්මන්ත්‍රණය සාර්ථකව පැවැත්විණි.