දහම් පාසල් දරුවන් සඳහා කෑම පෙට්ටි පරිත්‍යාග කිරීම.

දහම් පාසල් සහ පාසල් අධ්‍යාපන ලබන දරුවන්ගේ අධ්‍යාපනය නගා සිටුවීමේ අරමුණින් පන්නිපිටිය, ගලඋඩ ධර්ම විජයාරාම විහාරයේ, මෙත්තා ධර්මවිජය සමාජයේ දහම් පාසල් දරුවන් සඳහා රුපියල් 51,750/= වටිනාකමින් යුතු පාසල් කෑම පෙට්ටි 75ක්, එම දහම් පාසලේ ප්‍රධානාචාර්ය හිමියන් වෙත 2023-02-09  දින ධර්මවිජය පදනමේදී භාරදෙනු ලැබූණි. පසුව එම පාසල් කෑම පෙට්ටි ගලඋඩ ශ්‍රී වජිරබුද්ධි දහම්පාසලේ ත්‍යාග ප්‍රදානෝත්සවයට සමගාමීව දහම්පාසලේ දරුවන් වෙත ප්‍රදානය කරන ලදී.