ධර්මවිජය පදනමේ වාර්ෂික ලේ දන් දීමේ පිංකම 2022.

අග්ග මහා පණ්ඩිත අතිපූජ්‍ය මඩිහේ පඤඤාසීහ මහා නායක ස්වාමින්ද්‍රයන් වහන්සේගේ 19 වන ගුණ සැමරුම වෙනුවෙන් පවත්වන වාර්ෂික ලේ දන් දීමේ පිංකම ධර්මවිජය පදනමේ ගරු අනුශාසක ත‍්‍රිපිටක ආචාර්ය ශාස්ත‍්‍රපති පණ්ඩිත හක්මන සුමනසිරි ස්වාමීන්වහන්සේගේ අනුශාසකත්වයෙන්, සීමාසහිත විජය සමූහ ව්‍යාපාරයට අනුබද්ධ CIB ආයතනයේ අනුග‍්‍රහයෙන් සහ ධර්මවිජය පදනමේ සංවිධායකත්වයෙන් පවත්වන්නට යෙදුණි. මෙම ලේ දන්දීමේ පාරමිතා පිංකම ජාතික රුධිර පාරවිලයන සේවයේ උපදෙස් අනුව ක‍්‍රියා කරමින්, කොවිඩ් වසංගත නීති රීති පිළිපදිමින් 2022 අගොස්තු 11 නිකිණි පුන් පොහෝ දින මහරගම සිරි වජිරඤාන ධර්මායතනයේදී අති සාර්ථකව සිදු කරන ලදී. ලේ පරිත්‍යාග සඳහා සහභාගී වූ 300 දෙනෙකුගෙන් පමන, ලේ දන් දීම සඳහා සුදුසුකම් සපුරාලූ 279 දෙනෙකුගේ ලේ පයින්ට් 279ක රුධිරය තවත් ජීවිතයකට පණක් ලබා දීම සඳහා ජාතික ලේ බැංකුව වෙත ලබා දීමට හැකි වීම සම්බන්ධව ධර්මවිජය පදනම ඉමහත් සතුටට පත්වන බව සඳහන් කරමු.
ලේකම් ධර්මවිජය පදනම.