ශ්‍රී ලංකා ජාතික රෝහලට රුධිර පීඩන මාපක උපකරණ පරිත්‍යාග කිරීම.

ශ්‍රී ලංකා ජාතික රෝහලේ විශේෂඥ වෛද්‍ය ශාමලි ඒකනායක මහත්මිය රෝගීන් ගේ ප්‍රයෝජනය සඳහා රුධිර පීඩන මාපක උපකරණ කීපයක් ලබා දෙන ලෙස ධර්ම විජය පදනමේන් කල ඉල්ලීම මත. ධර්ම විජය පදනමේ භාරකාර සභික විශේෂඥ වෛද්‍ය යසා සිරිවර්ධන මහත්මියගේ නිර්දේශය ද ඇතිව. රුධිර පීඩන මාපක උපකරණ 4ක් 2022/08/18 වන දින පෙරවරු 10ට පමණ ගරු ලේකම් ඒචි. බී. පේ‍්‍රමරත්න මහතා, කළමනාකරු අනුර පන්නිපිටිය මහතා සහ ප්‍රබෝද් සී. හපුආරච්චි මහතා‍ගේ සහභාගිත්වයෙන් කොළඹ ජාතික රෝහල වෙත ගොස් පරිත්‍යාග කරනලදී. මෙම උපකරණ දෙක බැගින් අංක 44 සහ අංක 48 වාට්ටු (කාන්තා, පිරිමි) වෙනුවෙන් භාවිතා කරන බව විශේෂඥ වෛද්‍ය ශාමලි ඒකනායක මහත්මිය විසින් දැනුවත් කරන ලදී. මෙම පරිත්‍යාගය සඳහා ධර්ම විජය පදනමේ කේ. ඩබ්ලිවු. සහ ජී. පි ධර්මවර්ධන අනුස්මරණ අරමුදල, ලීලා කාරියවසම් සිල්මාතා අරමුදල, වෛද්‍ය ඩී. එස්. විජේසිංහ අරමුදල, වෛද්‍ය සයිමන් සහ මියුරියල් සල්ගාදු අරමුදල යන අරමුදල් උපයොගි කරගත් බව සඳහන් කරමු.