තබ්බෝව පැනසිහගම ගම්වාසීන්ට වියළි ආහාර මඵ හා පැල බෙදාදීම

ගංවතුරෙන් විපතට පත් තබ්බෝව 7 කණුව, පැනසිහගම ගම්වාසී පවුල් 78 ක් සදහා සහල් ඇතුඵ වියළි ආහාර මඵ බෙදාදීම, තබ්බෝව මහින්දාරාම විහාරස්ථානයේදී 2021.11.17 දින ධර්මවිජය පදනම විසින් සිදු කරන ලදී.  වියළි ආහාර බෙදාදීම සමගම, එම ගම්වාසීන් සදහා ස්ථිර ආදායම් මාර්ග සකස් කිරීමේ වැඩ සටහන යටතේ ධර්මවිජය පදනම විසින්,  එම ප‍්‍රදේශයට නිර්දේශිත අඹ,  දොඩම් හා දෙඵම් පැල බෙදා හැරීම ද සිදුවිය.  එම ගම්වාසීන්ට ස්ථිර ආදායම් මාර්ග සැකසීම, ධර්මවිජය පදනම විසින් සිදු කරන ග‍්‍රාම සංවර්ධන වැඩසටහනේ එක් අංගයකි.  පැල බෙදාදීම හා වියළි ආහාර මඵ බෙදාදීම විහාරාධිපති පූජ්‍ය වල්පොල මහින්ද ස්වාමීන් වහන්සේගේ අනුශාසකත්වයෙන් භාරකාර මණ්ඩලයේ ගරු හිටපු සභාපති සිරිල් ගුණපාල,  ගරු උපසභාපති ජේ.පි. කන්නන්ගර,  ගරු ලේකම් එච්.බී.පේ‍්‍රමරත්න හා කළමනාකාර අනුර පන්නිපිටිය මහත්වරුන්ගේ සහභාගිත්වයෙන් සිදුවිය.