රවුටර් හා ඬේටා ශිෂ්‍යත්ව ප‍්‍රදානය කිරීමේ වැඩසටහන.

Covid වසංගත හේතුවෙන් නිවාස වල සිට අධ්‍යාපනය හදාරන අඩු ආදායම්ලාභී පාසල් දරුවන්ට තමන්ගේ අධ්‍යාපන කටයුතු කරගෙන යාම සඳහා අපගේ ධර්මවිජය සමාජ දෙකක් වන ගමිපොල මිහිදු ධර්මවිජය සමාජය හා කුරූණැගල පාරමිතා ධර්මවිජය සමාජයේ සිසු දරුවන් 13 දෙනෙක් සඳහා රවුටර් හා ඬේටා ශිෂ්‍යත්ව 2021 අගොස්තු මස දී ලබාදීමට කටයුතු කරන ලදී. ඒ සඳහා මූල්‍යමය දායකත්වය ලබා දෙනු ලැබුවේ අපගේ ධර්මවිජය පදනමෙ යාවජීව සාමාජිකයෙක් වන ඕස්ට්‍රේලියාවේ පදිංචි රංජිත් සොයිසා මහතාය.