ඔසු මුසු කොළ කැඳ නොමිලේ ලබාදීමේ වැඩසටහන.

පෝෂ්‍යදායී කොල කැඳ භාවිතයට සමාජය හුරු කරවීමේ අරමුණින් දියත් කරන මෙම වැඩපිළිවෙළ 2023-01-31 දින සිට මේ දක්වා සිදු කරගෙන යනු ලබන අතර. සෑම අඟහරුවාදා දිනක ම උදෑසන 7.45 සිට ධර්මවිජය පදනමේ කාර්යාලය ඉදිරිපිටින් ගමන් කරන ජනතාව සඳහා නොමිලේ කොල කැඳ ලබා දීම මේ දක්වා අවස්ථා දහනවයක් සිදු කර ඇත. මෙය ඉදිරියට ද සිදුකරගෙන යාමට ධර්මවිජය පදනම බලාපොරොත්තුවේ. එමෙන්ම පසුගිය මස යෙදුණු වෙසක් පොහොය දිනට පෙර දින උදෑසන 6.45 සිට බම්බලපිටිය සිරි වජිරාරාම විහාරස්ථානය ඉදිරිපිට දී ද කොළකැඳ නොමිලේ ලබාදීම සිදුකරන ලද අතර කොළඹ විශාඛා විද්‍යාලයේ සිසු දැරියන්ට ද පෝෂ්‍යදායක ආහාරයක් ලෙසට කොළකැද ලබාදීමට එහිදී හැකි වූ අතර මෙය ඉදිරියට ද සිදුකරගෙන යාමට ධර්මවිජය පදනම බලාපොරොත්තුවේ. මෙම නොමිලේ කොළ කැඳ ලබාදීමේ වැඩපිළිවෙළ ධර්මවිජය පදනමේ සරණ සේවා වැඩසටහන යටතේ භාරකාර සභික ලක්ෂමන් මහනාම මහතා ධර්මවිජය පදනම කාර්යාලයේ කාර්ය මණ්ඩලයේ ද සහයෝගය ඇතිව ක්‍රියාත්මක කරයි.