මහරගම ධර්මායතනයේ පොහොය දින සීලසමාදානයේ යෙදෙන ගිහි පින්වතුන්ට ගිලන්පස බෙදාදීමට බහාලුම් දෙකක් පරිත්‍යාග කිරීම.

ධර්මවිජය පදනමේ ආහාර වේලක් පිදීමේ අරමුදලින් රු 80,000 ක මුදලක් වැය කර, මහරගම සිරි වජිරඤාණ ධර්මායතනයේ පොහෝ දින සීලසමාදානයේ යෙදෙන ගිහි පින්වතුන්ට ගිලන්පස බෙදාදීමට හා උත්සව අවස්ථාවලදී ප්‍රයෝජනයට ගැනීම සදහා ගිලන්පස බහාලුම් දෙකක් 2023.06.02 දින සිරි වජිරඤාණ ධර්මායතනයේ ත්‍රිපිටකාචාර්ය ශාස්ත්‍රපති රාජකීයපණ්ඩිත පූජ්‍ය හක්මන සුමනසිරි ස්වාමීන් වහන්සේ වෙත පරිත්‍යාග කරනු ලැබීය. මෙම අවස්ථාවට ධර්මවිජය පදනමේ ගරු ලේකම්තුමා සහ කළමනාකාර මහතා සහභාගි වුහ.