වකුගඩු රෝග වැළැක්වීම සඳහා පානීය ජලය සහිත ටැංකි ස්ථාපනය කිරීම.

වකුගඩු රෝගී තත්ත්වයෙන් ජනතාව මුදා ගැනීම සඳහා ධර්මවිජය පදනම විසින් සිදු කරන අනිකුත් වැඩ සටහන වන්නේ පවුල් දෙකක් සඳහා සති දෙකක් පාවිච්චිය පිණිස ලීටර් 20,000 ජල ටැංකිය බැගින් ස්ථාපනය කර, බවුසර් මගින් පිරිසිදු ජලය ගෙනැවිත් සති දෙකකට වරක් ජල ටැංකි පුරවා වකුගඩු රෝගයෙන් මුදවා ගැනීමයි.

දරුණු ලෙස වකුගඩු රෝගීන් වාර්තා වූ අනුරාධපුරය සඳමල්එලීය ප්‍රදේශයේ ශ්‍රී පුෂ්පාරාම විහාරස්ථානයේ ශ්‍රී පුෂ්පාරාම ධර්මවිජය සමාජයේ මූලිකත්වයෙන් එවැනි ලීටර් 20,000හේ ටැංකි 86 ක් ස්ථාපනය කර නිවාස 172 කට පිරිසිදු පානීය ජලය සපයන ලදී.  ජල ටැංකියක් ස්ථාපනය කර වතුර ගැනීම සඳහා භාජන වෙනම සපයා,  ජාතික ජල සම්පාදන දෙපාර්තමේන්තුවේ අනුග්‍රහය මත දෙසතියකට වරක් පිරිසිදු ජලය බවුසර් මගින් ගෙන ගොස් ටැංකි පිරවීම සංවිධානය කළෙමු. ඒ සදහා දැරූ මුළු වියදම රුපියල් ලක්ෂ 20 කි.  ධර්මවිජය පදනම විසින් සිදු කරන අනන්ත වූ ජනතා ශුභ සාධන කෙරේ පැහැදුන දානපතියකු විසින් එම ප්‍රාග්ධන මුදල පරිත්‍යාග කරන ලදී.

සැදැහැති දායකයන්ගේ මූල්‍යමය අනුග්‍රහය ලැබේනම් මෙම ව්‍යාපෘතිය අනිකුත් ප්‍රදේශවලටද ව්‍යාප්ත කළ හැකිය.  මෙය ඉතාමත් ප්‍රමුඛ ජාතික සේවාවක් මෙන්ම,  වර්තමානයේ රටේ ඇති මූලිකම අවශ්‍යතාවයකි.  ග්‍රාමීය අසරණ ජනතාව වැටී ඇති අභාග්‍ය සම්පන්න තත්ත්වයෙන් ගොඩ ගැනීම අපගේ ඒකායන අරමුණයි. ජල ටැංකියක් ලබාදීම අවම වශයෙන් දහදෙනකු  අකල් මරණයෙන් ගලවා ගැනීම්යි, එක ටැංකියකට වියදම දළ වශයෙන් රුපියල් 22,000 පමණ වේ දානපති සත්පුරුෂයන්ට මේ සඳහා කොටස් වශයෙන් වුව  දායක විය හැක.