නායකත්ව පුහුණු වැඩ වැඩසටහන.

දිවයින පුරා පිහිටුවා ඇති ධර්මවිජය සමාජ 468  ට අදාළව ඒ ඒ ගමේ. ආර්ථික සෞඛ්‍ය, අධ්‍යාපන හා සාරධර්ම වර්ධනය වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට නියමිතය. එම සියලු වැඩසටහන් සිදු වන්නේ විහාරාධිපති ස්වාමීන් වහන්සේගේ අනුදැනුම හා උන්වහන්සේගේ නායකත්වයෙනි.

මෙවැනි සමාජ සත්කාර ක්‍රියා සිදු කිරීමේදී එම කටයුතුවලට නායකත්වය දී කටයුතු කිරීමට යොවුන් තරුණ තරුණියන්ගේ සහාය ලබා ගැනීම විශේෂයෙන් අවශ්‍ය වේ. නායකත්ව ගුණයෙන් හෙබි වැඩිහිටියන් සමහරක් ධර්මවිජය සමාජවලට බැඳී සිටීම භාග්‍යයක් වුවත් දෙවන පෙළ නිර්මාණය කිරීමද අපගේ වගකීමකි.

ධර්මවිජය සමාජ පිහිටුවා ඇති විහාරස්ථාන වල දහම් පාසල් ද පවත්වාගෙන යෑම සාමාන්‍යයෙන් සිදුවන්නකි. දහම් පාසල් දරුවන් සහ දහම් පාසල් ගුරුවරු අතරින් තෝරාගත් පිරිසකට, නායකත්ව පුහුණුව ලබා දීමේ දී විශේෂ ප්‍රමුඛතාවයක් ලැබේ.

නායකත්ව පුහුණුව දින 2 – 3 ක නේවාසික පුහුණුවකි, ඒ පිළිබඳව විශේෂඥ දැනුමක් ඇති සම්පත්ධාරීන්ගේ දේශන හා වැඩමුළු පවත්වනු ලැබේ. පුහුණු වන්නන් සඳහා නේවාසික පහසුකම් ලබාදීම පාඨමාලාව පැවැත්වීම වියදම් හා සහභාගි වන්නන්ගේ ආහාරපාන, ගමන් වියදම් දැරීම ධර්මවිජය පදනම විසින් සිදු කරනු ලැබේ. එක් පුහුණු පාඨමාලාවක් වෙනුවෙන් රුපියල් 15,000 – 20,000 ක වියදමක් දැරීමට සිදුවේ.

පුහුණුව ලැබූවෙක් ක්ෂේත්‍ර මට්ටමේ කටයුතු කිරීමේදී අනිවාර්යෙන්ම පදනම හා සම්බන්ධීකරණය පවත්වා ගෙන යා යුතු හෙයින් පුහුණුවෙන් පසු අධීක්ෂණයක් සිදු වේ.