දහම් පාසල් දරුවන් සදහා පොත් ප්‍රදානය කිරීම.

ගාල්ල දිස්ත්‍රික්කයේ නාකියාදෙණිය ප්‍රදේශයේ, ශ්‍රී ඛෙත්තාරාම විහාරයේ තෙල්ලඹුර සදහම් ධර්මවිජය සමාජය මගින් 2023 අප්‍රේල් 9 වන දින තෙල්ලඹුර විහාරස්ථ ධර්ම මන්දිරයේදී පළාතේ දහම් පාසල් දරුවන් සදහා පොත් ප්‍රදානය කිරීමේ උත්සවයක් තෙල්ලඹුර ගැමුණු දහම් පාසලේ මූලිකත්වයෙන් පවත්වනු අතර එම වැඩසටහන සඳහා ධර්මවිජය පදනම විශේෂ පරිත්‍යාගයක් ලෙස අභ්‍යාස පොත් දහසක් ලබා ගැනීම සඳහා රුපියල් අනූ හය දහසක මුදලක් පරිත්‍යාග කරන යෙදුනි. එම වැඩසටහන සඳහා ගාලු මාතර හා බෙන්තර තෙදිසාවේ දිවිතිය සංඝනායක යක්කලමුල්ල ශාසනාරක්ෂක බල මණ්ඩලයේ සභාපති ශාස්ත්‍රපති අක්මීමන පඤ්ඤාසාර ස්වාමීන් වහන්සේ සහ නියෝජ්‍ය ලේඛකාධිකාරී ගාලු පළාත් දිවිතිය සංඝනායක නියෝජ්‍ය පරිවේණාධිපති ගෞරව ශාස්ත්‍රවේදී වල්පොල ගුණරතන ස්වාමීන් වහන්සේ ඇතුළු ගිහි පැවදි පින්වතුන් බොහෝ දෙනෙකුගේ සහභාගිත්වයේන් තෙල්ලඹුර සදහම් ධර්මවිජයේ සභාපති ස්වාමීන් වහන්සේ වන ශාස්ත්‍රපති කීර්ති ශ්‍රී පලල්ලේ සරණජෝති ස්වාමීන් වහන්සේ ගේ මූලිකත්වයෙන් පොත් ප්‍රදානය කිරීමේ උත්සවය සාර්ථකව පවත්වන්නට යෙදුණි.