ධර්මවිජය පදනමේ සරණ සේවයෙන් පාසල් දරුවන්ට සහ පාසලට සරණක්.

2023.03.28 වන දින මාතර, අපරැක්ක, රත්මලේ සද්ධර්මෝදය විද්‍යාලයේ දරුවන් 20 දෙනෙකුට පාසල් බෑග්, වතුර බෝතල්, කෑම පෙට්ටි හා ලිපි ද්‍රව්‍ය බෙදාදීමත් සමග පාසලේ පුස්තකාලය සඳහා බෞද්ධ ළමයා සගරාව ඇතුළු පොත් කට්ටල කිහිපයක් ලබාදීම සහ පාසලේ අභිවෘද්ධිය සඳහා භාවිතා කිරීමට රුපියල් 20,000ක් මුදලක් විදුහල්පතිතුමියට පරිත්‍යාග කිරීම ධර්මවිජය පදනමේ භාරකාර සභික ලක්ෂ්මන් මහානාම මහතාගේ සහ ගරු භාණ්ඩාගාරික එන්. බී. ජී. නානායක්කාර මහතාගේ සහභාගිත්වයෙන් සිදු කලහ. මෙය ධර්මවිජය පදනමේ සරණ සේවා ව්‍යාපෘතියේ තවත් එක් සමාජ සත්කාරයකි.