ප්‍රජා අක්ෂි සායන ව්‍යාපෘතිය -2024.

ධම්මවිජය පදනමේ සංවිධායකත්වයෙන් වෙනත් සංවිධාන කිහිපයක එකතුවෙන් ප්‍රජා අක්ෂි සත්කාර ව්‍යාපෘතියක් මුල්ලේරියාව, කොටිකාවත්ත, කලටුවාවවත්ත පුරාණ විහාරයේ පැවැත්වු අතර එහිදී විහාරස්ථානයේ දහම් පාසලේ සිසු සිසුවියන්ගේ සහ විහාරස්ථානයට ආශ්‍රිත ග්‍රාමීය ප්‍රජාවගේ පෙනීමේ දුබලතා සහ අන්ධභාවයෙන් යුතු අය හදුනාගෙන ප්‍රතිකාර කිරීම සිදු කරන ලදි. ධර්මවිජය පදනමේ භාරකාර සභික අක්ෂි වෛද්‍ය විශේෂඥ නලින් ගුණසිංහ මහතා ඇතුළු වෛද්‍ය කණ්ඩායම සහ දෘෂ්ටි තාක්ෂණවේදී කණ්ඩායම විසින් අදියර කිහිපයකින් අක්ෂි පරීක්ෂාවන් සිදුකරන ලදී. එහිදී ප්‍රාථමික අක්ෂි පරීක්ෂාව සඳහා යොමුවූ 550ක පමණ ප්‍රමාණයකින්, රෝගීන් 120 දෙනෙක් තෝරාගෙන පූර්ණ අක්ෂි පරීක්ෂාවන් සිදු කර ඇත. ඒ අතරින් 75 දෙනෙක් සඳහා 2023-03-23 වන දින ඇස් කන්නාඩි ලබාදීමට කටයුතු කළ බව වාර්තාවේ. තවත් 14 දෙනෙක් අක්ෂිකාච බද්ධ කිරීම සඳහා තෝරා ගෙන ඇත. එම ප්‍රජා අක්ෂි සත්කාර ව්‍යාපෘතිය අවස්ථාවේ ලබාගත් ඡායාරූප පහත දැක්වේ.