ධර්මවිජය පදනමේ වාර්ෂික ලේ දන් දීමේ පිංකම 2020-08-02.

ධර්මවිජය පදනමේ ආරම්භක අනුසාසක අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය මඩිහේ පඤ්ඤාසීහ මහානායක ස්වාමීන් වහන්සේ අනුස්මරණය කිරීමේ වාර්ෂික පිංකම් මාලාවේ ලේ දන් දීමේ පුණ්‍යකර්මයේ 17 වන පියවර 2020-08-02 දින (නිකිණි පුන් පොහෝ දින) මහරගම සිරි වජිරඤාණ ධර්මායතනයේ දී මෙවරත් සාර්ථකව පැවැත්විණ. මේ සඳහා සීමා සහිත ශාසන සේවක සමිතියේ සහය ලද අතර සීමා සහිත විජය සමූහ ව්‍යාපාර C.I.B ආයතනයේ අනුග්‍රහය ලැබුණි.