කුමාරතුංග මුනිදාස ශූරීන් පිළිබඳ හරවත් දේශනයක් කළ දරුවාට තිළිණයක් පිරිනැමීම.

හෝමාගම පිටිපන පදිංචි රාජපක්ෂ විද්‍යාලයේ ශිෂ්‍ය කේ චානක පැතුම් මින්සර ශිෂ්‍යයා විසින්, හෙල හවුල සංවිධානයේ මෙහෙයවීමෙන් කොළඹ මහජන පුස්තකාලයේ රැස්වීම් ශාලාවේ පැවති කුමරතු`ගු මුනිදස් ගුණ සමරුව උත්සවයේදී කුමාරතුංග මුණිදාස ශූරීන් සම්බන්ධව පැවති ශිෂ්‍ය දේශනයේදී ඉදිරිපත් කළ හරවත් දෙසුම අගය කර මූල්‍යමය ත්‍යාගය වශයෙන් රු.10,000/- මුදලක් එම ශිෂ්‍යයාට 2022-05-19 දින ධර්මවිජය පදනම විසින් පරිත්‍යාග කරනු ලැබූණි. එදින එම උත්සවයේ සිදු කළ දේශනයේ කොටසක් එම ශිෂ්‍යයා විසින් භාරකාර සභික සභිකාවන් ඉදිරියේ සිදු කරන්නට ද යෙදුණි.