මහරගම අපේක්ෂා රෝහලට බෙහෙත් සහ ලෙඩුන්ට සරම්.

මහරගම අපේක්ෂා රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන රෝගීන් වෙනුවෙන් ඉල්ලා තිබූ  Filgen 300 MCG ඒකක 24 ක් රු. 198,127 කට වෙලද පොලෙන් මිලට ගෙන 2022-05-27 දින පරිත්‍යාග කරන ලදී. එම අවස්ථාවට රෝහල් අධ්‍යක්ෂ තුමා ධර්ම විජය පදනමේ අනුසාසක ස්වාමීන් වහන්සේ සමග ලේකම් තුමා, උප සභාපති තුමා සහ හිටපු භාණ්ඩාගාරික තුමා සහභාගි වූහ. රෝගීන් සඳහා සුදු සරම් කීපයක්ද එදින පරිත්‍යාග කරන ලදී.