ඇස් කණ්ණාඩි ලබා දීමේ ව්‍යාපෘතිය.

දිවයින පුරා පිහිටුවා ඇති ධර්මවිජය සමාජ වල සාමාජිකයන් සඳහාත් දහම් පාසල් දරුවන් සඳහාත් විශේෂ අක්ෂි සායන පවත්වා ඇස් කණ්ණාඩි ලබා දීමේ ව්‍යාපෘතියක් ධර්මවිජය පදනම විසින් ක්‍රියාත්මක කරනු ලැබේ. මේ වන  විටත් එවැනි සායන විශාල ප්‍රමාණයක් ක්‍රියාත්මක කර ඇත.

.

සායන ආරම්භ කිරීමේ පළමු පියවර වන්නේ තෝරාගත් ධර්මවිජය සමාජයක සාමාජිකයන් අතරින් දැනුම ඇති කණ්ඩායමක් තෝරා ගෙන ඔවුන්ට න්‍යායාත්මක පුහුණුවක් ලබා දීමයි. එය විශේෂඥ වෛද්‍යවරුන් මාර්ගයෙන් මූලික අක්ෂි පරීක්ෂාවක් සිදුකරන ආකාරයක පිළිබඳ දැනුම ලබාදී, ගමේ සිටින දෘෂ්ඨි ආබාධ වලින්  පෙළෙන රෝගීන් හඳුනා ගැනීම සිදු කරනු ලබයි.

ඊළඟ පියවරේදී භාරකාර සභික විශේෂඥ වෛද්‍ය නලින් ගුණසිංහ මහතා විසින්  වෛද්‍ය සායනය පවත්වා  අක්ෂි රෝග හඳුනා ගනු ලැබයි. නිදන්ගත  රෝග නිසාත් සංකීර්ණ රෝග තත්වයන් නිසාත් දීර්ඝකාලීන ප්‍රතිකාර ලබාගත යුතු රෝගීන් ඒ ඒ රෝහල් වෙත යොමු කිරීමත්, ඇස් කණ්ණාඩි ලබා දීමෙන් ප්‍රතිකාර කළ යුතු රෝගීන්ට සුදුසු ඇස් කනණ්ණාඩි ලබා දීම මගින් ප්‍රතිකාර කිරීමත් සිදු කරනු ලැබේ. සෑම රෝගියෙකුටම රෝග නිශ්චය වාර්තාවක් ලබා දෙන හෙයින් එය ඉදිරියේදී ප්‍රතිකාර ගැනීමට පාවිච්චි කළ හැක.

එක් සායනයකදී රෝගීන් 200 – 300 ක් පරීක්ෂාවට භාජනය වේ. ධර්මවිජය සමාජ පිහිටුවා ඇති විහාරස්ථානවල වැඩි වශයෙන් සායන පවත්වන අතර රෝගීන් පරීක්ෂාව හා ඇස් කණ්නාඩි ලබාදීම නොමිලේ සිදු කරනණ අතර එහි බරපැන ධර්මවිජය පදනම විසින් දරනු ඇත.

එක් ඇස් කණ්නාඩියක් ලබාදීම සඳහා රුපියල් 5000 ක් පමණ වැයවේ. ඔබටත් මේ මහඟු පුණ්‍යකර්මයට දායක විය හැකි ය.

දෑස පියාගන්නා යම් දිනක තවත් අයෙකුගේ දෑස් ආලෝකමත් කළ බව අප සිතට නැගේ නම්, එම කුසලයෙන්ම මතු උපදින ආත්මභාවයකදී අප ජිවිතයද ආලෝකමත් වේ.