ළමා රෝහල්වල අවශ්‍යතාවන් සපුරාලීමට ධර්මවිජය පදනමෙන් ඖෂධ.

ධර්මවිජය පදනම මගින් දිවයිනේ ළමා රෝහල්වල අවශ්‍යතාවන් සපුරාලීමට අවශ්‍ය බෙහෙත් තොගයක් 2022-06-23 දින පස්වරු 4.00 ට කොළඹ රිජිවේ ආර්යා ළමා රෝහලේ දී පරිත්‍යාග කරන ලදී.

ශ‍්‍රී ලංකා ළමා රෝග විශේෂඥවරුන්ගේ සංගමය (Sri Lanka College of Pediatricians) විසින් එවන ලද වෛද්‍ය අවශ්‍යතා ලේඛනය අනුව එම ඖෂධ මිලදී ගනු ලැබුවේ නවසීලන්තයේ ස්නායු රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය නිල්කාන්ත් ද සොයිසා මහතා විසින් ධර්මවිජය පදනම වෙත පරිත්‍යාග කළ රුපියල් 244,000.00 ක මුදලිනි.

මෙම අවස්ථාවට ධර්ම විජය පදනම වෙනුවෙන් සභාපති තුමා, ලේකම් තුමා, භාණ්ඩාගාරික තුමා සහ කළමනාකාරතුමා සහභාගි වූ අතර ශ‍්‍රී ලංකා ළමා රෝග විශේෂඥවරුන්ගේ සංගමයේ නියෝජිත, වකුගඩු පිළිබඳ විශේෂඥ වෛද්‍ය බන්දුල රණවක මහතා විසින් ඖෂධ භාර ගැනීම සිදු කරන ලදී. ‍