ශ්‍රී ලංකා ජාතික රෝහලට සායනික උෂ්ණත්වමාන පරිත්‍යාගයක්.

ශ්‍රී ලංකා ජාතික රෝහලේ විශේෂඥ වෛද්‍ය ශාමලි ඒකනායක මහත්මිය විසින් රෝගීන් ගේ ප්‍රයෝජනය සඳහා සායනික උෂ්ණත්වමාන කීපයක් ලබා දෙන ලෙස ධර්ම විජය පදනමෙන් කළ ඉල්ලීම මත ධර්ම විජය පදනමේ භාරකාර සභිකා විශේෂඥ වෛද්‍ය යසා සිරිවර්ධන මහත්මියගේ නිර්දේශය මත සායනික උෂ්ණත්වමාන උපකරණ 12ක් ශ්‍රී ලංකා ජාතික රෝහලට පරිත්‍යාග කරන ලදී.
ගරු ලේකම් එච්. බී. ප්‍රේමරත්න මහතා, කළමනාකරු අනුර පන්නිපිටිය මහතා සහ ප්‍රබෝද් සී. හපුආරච්චි මහතා‍ විසින් 2022/10/20 වන දින කොළඹ ජාතික රෝහල වෙත ගොස් මෙම පරිත්‍යාගය සිදු කරන ලදී.
මෙම උපකරණ 44 සහ 48 (කාන්තා, පිරිමි) වාට්ටුවල භාවිතා කිරීම සදහා ලබා දී ඇත.