ලෝක ළමා දිනය වෙනුවෙන් දහම් පාසල් දරුවන් සඳහා අභ්‍යාස පොත් ප්‍රදානයක්.

මදුරාවෙල අම්පිටිගල සිරි සීලවිමල ධර්මවිජය සමාජයේ සභාපති හා මදුරාවෙල අම්පිටිගල ශ්‍රී සුමංගලාරාම විහාරයේ විහාරාධිපති පූජ්‍ය හාතියල්වෙල චන්ද්‍රනන්ද හිමියන් විසින් ධර්මවිජය පදනමෙන් කරන ලද ඉල්ලීමකට අනුව දහම් පාසල් දරු දැරියන් අතර බෙදාදීමට රුපියල් 27,000.00 ක් වටිනා අභ්‍යාස පොත් ධර්මවිජය පදනම විසින් සීරි සීලවිමල ධර්මවිජය සමාජය වෙත පරිත්‍යාග කරන ලදී.
2022 ඔක්තෝම්බර් 02 දින මදුරාවෙල අම්පිටිගල ශ්‍රී සුමංගලාරාම විහාරයේ ලෝක ළමා සාම දාගැබ අභියසදී ලෝක ළමා දිනය නිමිත්තෙන් දහම් පාසල් දරුවන්ට සෙත් පතා අධිෂ්ඨාන පූජාවක් පවත්වා දහම් පාසල් ළමුන් අතර එම අභ්‍යාස පොත් හා පාසල් උපකරණ බෙදා දීම සිදු කරන ලදී.
එම උත්සවයේ අවස්ථා කිහිපයක් මෙහි දැක්වේ.