ධර්මවිජය පදනමේ රංජිත් මුණසිංහ අනුස්මරණ අරමුදල ශක්තිමත් කිරීම.

ධර්මවිජය පදනමේ භාරකාර සභිකයෙක්ව සිට හදිසියේ 1987 වසරේ දී අභාවයට පත් රංජිත් මුණසිංහ මහතා අනුස්මරණය කිරීම සහ එතුමාට උපහාරයක් වශයෙන් ධර්මවිජය පදනමේ භාරකාර මණ්ඩලයේ සභික සභිකාවන් ගේ දායකත්වයෙන් එතුමාගේ දරු දැරියන්ගේ සුබ සාධනය වෙනුවෙන් පිහිටුවන ලද අරමුදල තරකිරීම සඳහා රු.60,000/- මුදලක් විනීතා මුණසිංහ මහත්මිය  සහ දියණිය ධර්මවිජය පදනමට පරිත්‍යාග කළහ. අනුශාසක ස්වාමීන් වහන්සේ, එම දෙපළ සහ භාරකාර මණ්ඩල මහත්ම මහත්මීන් එම අවස්ථාවට සහභාගි වී සිටියහ. එම අවස්ථාවේ ඡායාරූප කීපයක් පහතින් දැක්වේ.