ග‍්‍රාමීය සංවර්ධන වැඩසටහන

ධර්මවිජය පදනම
අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය මඩිහේ පඤ්ඤාසීහ මහානායක ස්වාමින්ද්‍රයන් වහන්සේගේ මාර්ගෝපදේශකත්වය යටතේ 1977 වර්ෂයේ දී ආරම්භ කරන ලද ධර්මවිජය පදනම 1979 අංක 62 දරණ පාර්ලිමේන්තු පනත මගින් සංස්ථාපිත කරන ලදී. එය පිළිගත් පුණ්‍යායතනයක් ලෙස සමාජ සේවා දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කර ඇත.
මෙම පදනමට කරනු ලබන සියඵ මූල්‍යාධාර ආදායම් බද්දෙන් නිදහස් වේ. ධර්මවිජය පදනමේ පොදු පරමාර්ථ වන්නේ බෞද්ධ ප‍්‍රතිපත්ති මත ආර්ථික සාරධර්ම පදනම්ව සංවර්ධනය සඳහා යොදා ගැනීමෙන් මිනිසාගේ ආධ්‍යාත්මික හා කායික වශයෙන් වූ පූර්ණ වර්ධනයක් ඇති කොට ඒ මගින් ධර්මවිජය සමාජයක් බිහි කිරීමට කටයුතු කිරීම ය. “සමවායො එව සාධු” – සමඟිය ම යහපති යන්න අපගේ ආදර්ශ පාඨය යි.
දිළිඳු ගම් නඟාසිටුවීමේ වැඩසටහන
කිසිසේත්ම අන්‍යයන්ගේ උපකාරයක් නොලබා, හිස එසවිය නොහැකි ගමක් තෝරාගෙන, එම ගම පූර්ණ සංවර්ධනයක් කරා ගෙන යාම ධර්මවිජය පදනමේ “ග‍්‍රාමීය සංවර්ධන” වැඩසටහන යි.
අපවත් වී වදාළ අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය මඩිහේ පඤ්ඤාසීහ ස්වාමින් වහන්සේගේ “මිනිහාත් හදා ගනිමින් රටත් හදා ගනිමු” යන සංකල්පය මත මෙම වැඩසටහන ක‍්‍රියාත්මක වේ.

ක‍්‍රමවේදය

දිළිඳු ගමක් තෝරාගෙන, පළමුවෙන් ම ගමේ සියඵ පවුල් පිළිබඳ සමීක්ෂණයකින්  සමාජ හා ආර්ථික තොරතුරු රැස්කර ඒ අනුව එම ගමට අනුරූපි සංවර්ධන සැලැස්මක් ගමේ ජනතාවගේ ද සහභාගිත්වයෙන් සකස් කර, ප‍්‍රමුඛතා අනුපිළිවෙලින් සංවර්ධන වැඩ සටහන ක‍්‍රියාත්මක කරන අතර, ප‍්‍රගතිය සමාලෝචනය කරනු ලැබේ. සංවර්ධන කටයුතු හැකි තරම් ගමේ ජනතාවගේ ම  සහභාගිත්වයෙන් සිදු වේ. විහාරස්ථානයේ පිහිටුවන ධර්මවිජය සමාජයේ සාමාජික සාමාජිකාවන් වැඩසටහනේ ක‍්‍රියාකාරීන් වේ. විහාරාධිපති ස්වාමින් වහන්සේගේ අනුග‍්‍රාහකත්වයෙන් ධර්මවිජය සමාජයේ නිලධාරීන් මූල්‍ය පාලනය සිදු කරයි.

දිවයිනේ විහාරස්ථාන 468 ක දහම් පාසල් දරු දැරියන්, ගුරුවරුන් හා දෙමාපියන් මුල් වී විහාරාධිපති ස්වාමින් වහන්සේගේ සහභාගිත්වයෙන් ධර්මවිජය සමාජ පිහිටුවනු ලැබේ. ධර්මවිජය පදනම දහම් පාසල් වර්ධනය ඇතුළුගමේ සියලූ සංවර්ධන කටයුතු කරන්නේ ධර්මවිජය සමාජය මුල් කරගෙන ය.

 සංවර්ධනය කළ ගමක්.

ග‍්‍රාම සංවර්ධන වැඩසටහනකට නිදසුනක් වශයෙන් තබ්බෝව පැනසිහගම ග‍්‍රාම සංවර්ධන වැඩ සටහන දැක්විය හැකි ය. පුත්තලම අනුරාධපුර පාරේ 7 කණුව තබ්බෝව පැනසිහගම මහින්දාරාම ධර්මවිජය සමාජයේ විහාරාධිපති පූජ්‍ය වල්පොල මහින්ද ස්වාමින් වහන්සේගේ අධීක්ෂණයෙන් ගමේ පවුල් 63 ක ආර්ථිකය සවිබල ගැන්වීමත් සදාචාර බෞද්ධ සමාජයක් ලෙස ගම වර්ධනය කිරීමත් අරමුණ විය.

ක්ෂේත‍්‍ර සමීක්ෂණය අනුව නිවාස 50 ක් සංවර්ධනය කිරීම, අස්ථිර වහලක් වෙනුවට ස්ථිර වහලක් ලබාදීම, කුඩා දරුවන් හා තරුණියන් සිටින නිවාස 13 කට දොර ජනෙල් සපයා ආරක්ෂාව සැලසීම, අතු ආවරණය කළ නිවාස 17 කට ස්ථිර බිත්ති ලබාදීම, මැටි බිම තිබු නිවාස 17 කට සිමෙන්ති දමාදීම, අක්ෂි රෝගීන් තෝරා ප‍්‍රතිකාර කිරීම, වෘත්තිය පුහුණුවට සුදුසු සිසුන්ට වෘත්තිය පුහුණුව ලබාදීම, ශිෂ්‍ය ශිෂ්‍යාවන් 35 කට දහම් පාසල් ඇඳුම්, පොත්පත් හා ගුරුවරු ලබාදී දහම් පාසල ආරම්භ කිරීම, නොමිලේ ඉංග‍්‍රිසි පන්ති අරඹා දරුවන් 35 දෙනෙකුට ඉංග‍්‍රීසි අධ්‍යාපනය ලබාදීම, වැසිකිළි 16 ක් සංවර්ධනය කිරීම, රුපියල් ලක්ෂ තුනක් වැය කොට නළ ලිඳක් ඉඳිකර ජල ප‍්‍රශ්නය විසඳීම, රෝගීන් 23 ක් පරීක්ෂාවට ලක් කිරීම, ධර්ම ශාලාවක් හා සංඝාවාසයක් ඇතුඵ දෙමහල් ගොඩනැගිල්ලක් රුපියල් ලක්ෂ 37 ක් වියදම් කර විහාරස්ථානය සංවර්ධනය කිරීම වැනි කටයුතු රාශියක් සිදු කෙරිණ. ගමේ සංවර්ධනය සඳහා මුඵ වියදම රුපියල් ලක්ෂ 60 ක් පමණ විය. ගමේ තිබූ දිළිඳුකම කොතරම් ද යත් පවුල් 18 ක් තම විහාරස්ථානයේ ස්වාමින් වහන්සේට දානය දීමට පවා අපහසු බව මුලින් කියා සිටියහ. පවුල් 18 ක් ණය හා උකසට බැඳී සිටියහ. ස්ථිර ආදායම් මාර්ගයක් සැලසීම සඳහා ගමේ පවුල් අතර දොඩම් සහ දෙන්‍දාම් පැල 1000 ක් පමණ බෙදා දී, වළතුරු වගාවෙන් ස්ථිර ආදායම් ලබා ගැනීමට යොමු කරන ලදී. වෘත්තීය හැකියාව ඇති තරුණියන්ට මහන මැෂින් හා රෙදි ගැනීමට මුදල් සැපයීය. ආර්ථිකය සවිබල ගැන්වෙන අතරේ ආධ්‍යාත්මික වර්ධනය සඳහා විහාරස්ථානය මුල්කර ගනිම්න් දහම් පාසල වර්ධනය කිරීම, සීල භාවනා වැඩසටහන්, ධර්ම දේශනා මගින් ධර්මයට යොමු කෙරිණ.

තබ්බෝව පැනසිහගම සංවර්ධනය සඳහා පසුගිය කාලය තුළ රුපියල් ලක්ෂ 76ක් පමණ වියදම් කර ඇත.

මොණරාගල මහින්දාරාම ග‍්‍රාමීය සංවර්ධන