මාතර, අතුරුලිය ප්‍රදේශයේ ගංවතුරෙන් ආපදාවට පත්වූවන් සඳහා ආධාර ලබාදීම.

2024 ජූනි මස ආරම්භයේ සිට දිවයිනට ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් විවිධ පළත්වලට ගං වතුර තත්වයක් ඇතිවිය. දකුණු පළාතේ මාතර දිස්ත්‍රික්කයට එම ගං වතුර ආපදාවෙන් තදින්ම බලපැම් එල්ලවිය. එහිදී  ගල්කිස්ස දක්ෂිණාරාම විහාරස්ථානයේ විහාරාධිපති පුජ්‍ය අතුරලියේ ආනන්ද නායක ස්වාමීන් වහන්සේගේ ගම් ප්‍රදේශය වන අතුරලිය ගම ගං වතුරෙන් දැඩි පීඩා වට පත් වී ඇත. එම ප්‍රදේශයේ ගංවතුරෙන් ආපදාවට පත්වූවන් වෙනුවෙන් සානුකම්පිතව සලකා බලා ධර්මවිජය පදනම විසින් ගල්කිස්ස දක්ෂිණාරාම ධර්මවිජය සමාජ කේන්ද්‍රීය මධ්‍යස්ථානය වෙත ලබාදුන් රුපියල් 100,000/- පරිත්‍යාගය සහ දානපති පරිත්‍යාගශිලින් විසින් ලබාදුන් මුදල් සමගින් මාතර අතුරුලිය ප්‍රදේශයේ ජනතාවට 2024-06-10 දින පුජ්‍ය අතුරලියේ ආනන්ද නායක ස්වාමීන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් වියලි ආහාර පාර්සල් පරිත්‍යාග කිරීම සිදුකල අවස්ථාවේ ඡායාරූප පහත දැක්වේ.