වෛද්‍ය සිසුවෙකුගේ අධ්‍යාපන කටයුතු සඳහා අවශ්‍ය කර තිබූ ටැබ්ලට් පරිගණක යන්ත්‍රයක් පරිත්‍යාග කිරීම.

පේරාදෙණිය වෛද්‍ය පීඨයේ 2 වන වසර ඉගෙනුම ලබන සූරිය වැව රිදීගම පදිංචි ජී. දිනුක දිල්ෂාන් ශිෂ්‍යයාගේ අධ්‍යාපන කටයුතු සඳහා ටැබ් යන්ත්‍රයක් ලබා දෙන ලෙස ධර්මවිජය පදනමෙන් කළ ඉල්ලීමට කාරුණික අනුග්‍රහය දක්වූ, ඕස්ට්‍රේලියාවේ පදිංචි දානපති ඇත්තන්ගේ නම් පහත දැක්වේ. ඹවුන් විසින් රුපියල් 110,000/= ක මුදලක් ධර්මවිජය පදනමට පරිත්‍යාග වශයෙන් ලබාදී ඇත.

  • ඉන්දු අබේසේකර සහ ගැමුණු ප්‍රනාන්දු
  • මනෝරා සහ හවින්ද්‍ර කල්දේරා
  • මලිකා සහ පුබුදු ධර්මකීර්ති
  • ඉන්ද්‍රජි සහ මහින්ද කුරුප්පු
  • නටාලි මාර් සහ පවුල
  • අරෝෂ සහ පරාක්‍රම නානායක්කාර
  • සුජාතා සහ එඩී පෙරේරා
  • එරන්දතී රත්නායක
  • ඒමි සහ සසංක තිලකසිරි
  • ශාමලී සහ ආනන්ද තිලකසිරි
  • ඉන්ද්‍රානි සහ මහින්ද විජේරත්න

එම මුදල භාවිතා කරමින් මිලදී ගත් Samsung Galaxy S6 Lite වර්ගයේ ටැබ්ලට් පරිගණක යන්ත්‍රය 2024/05/04 වන දින ධර්මවිජය පදනමේදී පරිත්‍යාග කරන ලදී. ගරු උප සභාපති එම්.ඩී.ඩබ්.ආරියවංශ මහතා සහ විෂය ලිපිකරු H. N. විමලතුංග මහතාගේ සහභාගිත්වයෙන්, ගරු සභාපති සිරිල් ගුණපාල මහතා විසින් පරිත්‍යාග කිරිම සිදු කරන ලදී.