මාතර, තිහගොඩ ප්‍රදේශයේ ගංවතුරෙන් ආපදාවට පත්වූවන් සඳහා ආධාර ලබාදීම.

2024 ජූනි මස ආරම්භයේ සිට ඇතිවූ ධාරානිපාත වර්ෂාවෙන් සහ ගංවතුරෙන් ගංගා ඇළ දොළ අවට පදිංචි ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් අසරණ භාවයට පත්වුහ, මෙම ව්‍යසනයෙන් ආපදාවට පත් මාතර තිහගොඩ, නාගරුක්ඛාරාම පඤ්ඤදස්සි ධර්මවිජය සමාජයේ ගම්වාසීන් වෙනුවෙන් වියලි ආහාර පාර්සල් බෙදා දීම සදහා වැඩසටහනක් 2024-06-04 දින පැවැත්වුනු අතර එම වැඩසටහන සඳහා ධර්මවිජය පදනම ලබාදුන් රුපියල් 105,204/- පරිත්‍යාගය සහ දානපති පරිත්‍යාගශිලින් විසින් ලබාදුන් මුදල් සමගින් රුපියල් 264,704/- මුදලක් වැයකර විපතට පත් පවුල් 44ක් සඳහා වියලි ආහාර පාර්සල් ප්‍රධානය කරනු ලැබුණි. ධර්මවිජය පදනමේ භාණ්ඩාගාරිකතුමා සහ භාරකාර සභික ලක්ෂ්මන් මහනාම මහතාගේ සම්බන්ධිීකණයෙන් එම වියලි ආහාර පාර්සල් පරිත්‍යාග කිරීම සිදුකල අවස්ථාවේ ඡායාරූප පහත දැක්වේ.