ධර්මවිජ සමාජය යළි නගාසිටුවීම සහ දිස්ත්‍රික්කේන්ද්‍රීය මධ්‍යස්ථාන හා ධර්මවිජය සමාජ අතර සම්බන්ධීකරණය ශක්තිමත් කිරීමේ කළුතර දිස්ත්‍රික් වැඩපිළිවෙළ.

ධර්මවිජය සමාජ යළී නගා සිටුවීම සහ දිස්ත්‍රික්කේන්ද්‍රීය මධ්‍යස්ථාන  සහ ධර්මවිජය සමාජ අතර සම්බන්ධීකරණය ශක්තිමත් කරමින් තවත් වසර පහකින් එළඹෙන ධර්මවිජය පදනමේ ස්වර්ණ ජයන්ති වසර වන විට ධර්මවිජය සමාජය තුළින් ගම නඟා සිටුවීමට යෝජිත වැඩසටහන යටතේ දියත් කරන සම්මන්ත්‍රණ මාලාවේ කළුතර දිස්ත්‍රික් සම්මන්ත්‍රණය 2024 මැයි 18 දින කළුතර දිස්ත්‍රික් ධර්මවිජය සමාජ කේන්ද්‍රීය මධ්‍යස්ථානය වන අලුත්ගම, කළුවාමෝදර, ශ්‍රී කල්‍යාණරාම ‍පුරාණ විහාරයේ සිදුකෙරුණි. එම අවස්ථාවේදී ධර්මවිජය පදනම හා එහි කාර්යභාරය පිළිබඳව සහ ධර්මවිජය සමාජ තුළින් ගම්මාන වෙනුවෙන් ඉටු කළ හැකි සේවාව පිළිබදව වැඩම කර සිටි ධර්මවිජය සමාජ සභාපති ස්වාමීන් වහන්සේලා සහ සහභාගිවු සාමාජික සාමාජිකාවන් දැනුවත් කරන ලදී. එම සම්මන්ත්‍රණය අවස්ථාවේ ඡායාරූප පහත දැක්වේ.