දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ අක්ෂි ඒකකය සඳහා අක්ෂි පරික්ෂණ කාචයක් පරිත්‍යාග කිරීම.

දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ අක්ෂි ඒකකය සඳහා වුවමනා කර තිබු රුපියල් 198,998.00 ලෙස මිල දැක්වෙන අක්ෂි පරික්ෂණ කාචයක් (Three Mirror Volk Diagnostic Lens) අක්ෂි විශේෂඥ ශල්‍ය වෛද්‍ය වාසුකී ගුරුසාමි මහත්මියගේ ඉල්ලීම පරිදි ධර්මවිජය පදනම මගින් 2022-07-21 වන දින පරිත්‍යාග කරන ලදී. එය පරිත්‍යාග කරන අවස්ථාවට ධර්මවිජය පදනමේ ලේකමි ඒචි. බී. පේ‍්‍රමරත්න මහතා, උප සභාපති වෛද්‍ය නලින් ගුණසිංහ මහතා, කළමනාකරු අනුර පන්නිපිටිය මහතා, සහකාර කළමනාකරු ප්‍රබෝද් සී. හපුආරච්චි මහතා, කළුබෝවිල, දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ අක්ෂි ශල්‍ය වෛද්‍ය ලලන්ත ගුරුසිංහ මහතා සහ කළුබෝවිල, දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ අක්ෂි විශේෂඥ ශල්‍ය වෛද්‍ය වාසුකී ගුරුසාමි මහත්මිය සහභාගී වූහ. (පරිත්‍යාග කළ අක්ෂි පරික්ෂණ කාචයේ ඡායාරූප දැක්වෙ)